" මොනවා උනත් ස' හොදයි. වටේ ඉන්න උන් තමා කන්නේ"

Click to
follow

ඔය උඩින් ලියලා තියන එක දැන් ටික ටික බොහෝ දෙනෙක්ගේ කටින් කියවෙනවා. ඒ සියලුම දෙනා 2019 ගෝඨා ස' ට ජන්දය දීපු අය. ඔය කතාවම 2014 දි වගේ මහින්ද මහත්තයා ගැනත් කිව්වා. ඒ කියපු ඔක්කොම 2015 දි මහින්ද මහත්තයට ජන්දේ දුන්නා. හැබැයි මහින්ද මහත්තයා පැරදුනා. මම මේ ලිපියෙන් පැහැදිලි කරන්නේ, ස' හොදයි. වටේ ඉන්න එවුන් (මහින්ද මහත්තයා ඇතුලු පිරිස ) තමා ස' වත් කන්නේ කියන මිත්‍යා මතයේ ඇත්ත ගැන ඔබට පැහැදිලි කරන්න.

ඕනෑම බල දේශපාලනික ව්‍යාපෘතියක් ඉතාම ප්‍රාථමික අවදියේ තියෙනවනම් ඒක හදුනගන්න පුලුවන් ලක්ෂණයක් තමයි "එකෙක් පොර වීම". ආගමික ව්‍යාපෘති වලදි එකෙක් පොර වීම ශක්තිමත් ඉදිරි ගමනක් නිර්මාණය කලාට දේශපාලන ව්‍යාපෘති වලදි එකෙක් පොර වීම වැඩිම අවුරුදු 10කට වඩා පවතින්න බෑ. ඒකට හේතුව තමයි එකෙක් වටා එක් වීම සිද්ධ වුනහම උගේ චරිත ලක්ෂණ වලට සෙට් වෙන පිරිසක් පමණක් කැමති වීම. ඌට වෙනස් චරිතයක් රඟපාන්න බැරි නිසාම වෙනස් වෙනස් භූමිකා වලට ආස කරන මිනිස්සුන්ට වෙන වෙන එවුන්ට සෙට් වෙන්න වෙනවා. කාලෙකදි මේ මනුස්සයට වඩා වැඩි පිරිසක් අනික් මනුස්සයට කැමති වීම හරහා බල පෙරළියක් සිද්ධ වෙනවා.

ඒක නිසා දේශපාලනික වශයෙන් ටිකක් ඇඩ්වාන්ස් බල ව්‍යාපෘතියක් නම් ඒ බල ව්‍යාපෘතිය ඇතුලේ මිනිස්සුන්ට ඔප්ෂන් ගොඩක් තියෙන්න ඕන. ඒක ප්‍රායෝගිකව මෙහෙමයි.

1. මහින්ද රාජපක්ෂ මහතා - අතීශය දරුණු වහල් බයි මානසිකත්වයකින් ඉන්න, රජෙක් යටතේ පාලනය වෙන්න කැමති, දුටුගැමුණු - රාවණා ෆැන්ටසියේ ඉන්න, හම්බ උනහම බඩට ටහ්ට්ටුවක් දාන, දරුවා වඩාගෙන ඉඹින, පොළව ඉඹින, පන්සල් යන, ශුද්ධ සිංහල රාජාන්ඩුවක් හදන්න අවශ්‍ය අයට හොදම චොයිස් එක.

2. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා - ධීමතුන් (බුද්ධිමතුන් නෙමේ), සරළවම පොතේ උගත්තුන්ට, සාම්ප්‍රදායික දේශපාලනේ නොකරපු, දැඩි තීන්දු අවශ්‍ය, ලී ක්වාන් යූ වගේ හිතන්න පුලුවන්, හමුදා කිට් එක ගහන, හොරකමට ඉඩ නොදෙන අයට හොදම චොයිස් එක ගෝඨා ස'

3. බැසිල් රාජපක්ෂ මහත්තයා - කීයක් හරි හම්බ කරගන්න ඕන, කලුගල්, වැලි පස් බිස්නස් එකේ ඉදලා හයිවේ, කුලුණු, එයාර්පෝට් දක්වාම කොන්ත්‍රාත් කරන, දියුණු වෙන්න ආස, හොද කළමනාකරණයක් බලාපොරොත්තු වෙන අයට හොදම චොයිස් එක බැසිල් මහත්තයා.

ඔහොම ලිස්ට් එක ලියන්න පුලුවන් පහළටම. හැබැයි මෙයාලා තුන්දෙනා ගත්තත් ඇති. ටිකක් හොයලා බලන්න මේ තුන්දෙනා රටේ දේශපාලන බලයෙන් සහ ආයතන පරිපාලනයෙන් කොච්චිර ලොකු පංගුවක් දරාගෙන තියෙනවද කියලා.

දැන් ගන්නකො ජන්දයක්. ඒ ජන්දෙදි අපි ඔය තුන්දෙනාගෙන් එක්කෙනෙක්ට තියන ආදරේට සල්ලි, මහන්සිය සහ අවසානයේ ජන්දය දෙනවා. ඒ දෙන්නේ එකම තැනකට. පොහොට්ටුවට!

එක ප්‍රායෝගිකව ඉස්සරහට ගෙනියන්න නම් සාමාන්‍යයෙන් අඩු IQ ලෙවල් එකක් තියන, මව් කිරි, මුහුදු මාලු සහ අත්‍යාවශ්‍ය විටමින් වර්ග ආහාරයට ගන්න බැරිවුණු, අධ්‍යාපනික වශයෙන් දුර්වල, තාර්කික වශයෙන් දුර්වල මිනිස්සු අතර පොඩි රාවයක් යවන්න ඕන.

ඒ තමයි බලයේ ඉන්න ප්‍රධානියා ඊට පහලින් ඉන්න සියලූම දෙනාට වඩා ශුද්ධවන්තයි කියන මිත්‍යාව. ඒක බල කේන්ද්‍රය වටා ගොඩනගන මිත්‍යාවක්. ඒ මිත්‍යාවෙන් ටාගට් කරන්නෙම මෝඩ මිනිස්සුන්ව.

ඒ මිත්‍යාව 2010 - 2015 කාලේ මහින්ද මහත්තයා වෙනුවෙන් කලා. ඔයාලට ඒක මතකද?
"මහින්ද මහත්තයා හොද මිනිහා... නාමල්ලා තමයි කන්නේ"
"මහින්ද මහත්තයා හොද මිනිහා... ගෝඨා තමයි සුදුවෑන් යවන්නේ"
"මහින්ද මහත්තයා හොද මිනිහා... බැසිල් තමයි කොමිස් ගහන්නේ"

සමහරවිට මතක නැතුව ඇති. මට මතකයි. අවුලක් නෑ.

දැන් ඒ පරණ සෙල්ලමම අපේ ගෝඨා ස' වෙනුවෙනුත් කරනවා.

ගෝඨා ස' හොද මනුස්සයා ..... මහින්දයි වටේ ඉන්න ඇමතිල ටිකයි තමයි කන්නේ"
"ගෝඨා ස' හොද මනුස්සයා ..... බැසිල්ලා තමයි කන්නේ"
"ගෝඨා ස' හොද මනුස්සයා ..... ඓඨ්ණ් එකේ සරත් ෆොන්සේකව බොඳ කරපු එකා අගේ උන්තමයි කන්නේ"
"ගෝඨා ස' හොද මනුස්සයා ..... ඉරාජ් වගේ එවුන් තමයි කන්නේ"

වගේ ඒ ලිස්ට් එක දවස ගාණේ දික් වෙනවා. හැබැයි ඒ ලිස්ට් එකේ ඉන්න එකෙක්වත් ගෝඨා ස'ගේ ලගින් විසිවෙනවද? ගෝඨා ස' එවුන්ව විසි කරනවද? ගෝඨා ස' ව දැකපුවත් නැති, කොහෙදි හරි ඈත ඉදලා අත වනලා හරි අමාරුවෙන් ලගට ගිහින් ෆොටෝ එකක් ගහගත්ත බුකී ඔස්තාර්ලයි, පේජ් මල්ලිලයි කියන විදිහට ගෝඨා ඔය කිව්ව අයගේ වැරදි වලට බයිනවද? හිරු - දෙරණ පෙන්නන ගෝඨමද ඇත්ත ගෝඨා? එයා මැදමූලන අනික් අයට වඩා වෙනස් වෙන්නේ කොහොමද?

වටේ ඉන්න එවුන් එකතු වෙලා නරක් කරන්න, නොමග යවන්න, රවට්ටන්න මේ නදීර මැක්ස් නෙමේනේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ.

හොදට හිතනවනම් අන්න ඒවා හොද කාරණා. ඒවා ගැන වැඩිය ලියන්න බෑ. ලියලා වැඩක් නෑ. බොරුවට වෑන් එකක තෙල් පිච්චෙන එක විතරයි වෙන්නේ. (ඒක විහිලුවක්)

දැන් අරන් බලන්න අනික් පක්ෂ,
- එක්සත් ජාතික පක්ෂය
- සමගි ජන බලවේගය
- එක්සත් ජාතික පක්ෂය
- ඉලෙංගෙයි තමිල් අරසු

ඔය උඩ තියෙන ඒවයේ ඉදලා එස්.එස්.පී ලියනගේගෙ කම්කරු පක්ෂේ, සීලරතන හාමුදුරුවන්ගේ ජනසෙත පෙරමුණ වගේ හැම එකකම ඔප්ෂන් නෑ.
ඔප්ෂන් නෑ?????? පිස්සුද ඔප්ෂන් තියනවා. උන් එකාට එකා නෑ... අරූ මාව කපලා ඉස්සරහට යයි කියන බයේ උන් ඉන්නේ. එකතු වෙලා වැඩක් කරන්න බෑ. ඒක මිනිස්සුන්ට දැනෙනවා. හැබැයි රාජපක්ෂලා අතරේ එහෙම එකක් නෑ. එහෙම එකක් තියනවා කියලා පෙන්න්නුවට ඇත්තටම එහෙම ගැටුමක් නෑ. ඉතින් අනික් පක්ෂ වල උන්ට මේ දේශපාලන පොළව උඩ රාජපක්ෂ පවුලේ දේශපාලනේ එක්ක හැප්පෙන්න මේ සහශ්‍රයේ බෑ.

පෞද්ගලිකව මම කැමතියි රාජපක්ෂ පවුලේ මේ නායකයෝ තුන්දෙනා එකතු වෙලා මේ රට අද පත්වෙලා තියන දරුණු අගාධයෙන් ගොඩ ගන්නවනම්. පුරවැසියෙක් විදිහට මම ඒකට පූර්ණ සහාය දෙනවා. හැබැයි මම ආස නෑ මිනිස්සු බොරුවට රැවටෙනවට. ඒ නිසා මේක ලිව්වේ. එහෙම නැතුව ගෝඨාභය රාජපක්ෂ ගැන කිසිම අහිතක් මගෙ තුන් හිතකවත් නෑ.

මේ රටේ මිනිස්සු වගේම අනාගත පරම්පරාවත් දේශපාලනේ ඉගෙන ගන්න ඕන. එතකොට ගෝඨාභය ස' අමාරුවෙන් ගොඩනගන මේ අශික්කිත රට නාමල් ස' ට හරි සුන්දර රටක් කරන්න පුලුවන් වෙයි.

- ෂේන් මහේන්ද්‍ර ප්‍රියවික්‍රම -

....


අදහස්

6 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0