හාල් මිල පාලනයට "ස" අසාර්ථක වුනේ ඇයි?

Click to
follow

හාල් මිල පාලනය ගැන ස' පොර ටෝක් දුන්නාට ඇත්තටම ස' ට පාලනය කරන්න බැරිවෙන්න හේතු තියෙනවා.

අපි ජීවත් වෙන ලෝකේ භාණ්ඩවල මිල තීරණය වෙන සාධක තියෙනවා. ඒවා නීති රෙගුලාසි නෙමෙයි. ඒවා නියම කියලා කියන්න පුළුවන්.

ඕනෑම භාණ්ඩයක මිල ඉහල පහළ යාම වෙන්නේ ඉල්ලුම සහ සැපයුම කියන දෙක මත වුනාට ඇත්තටම භාණ්ඩයක මිල තීරණය වෙන්න බලපාන කාරණා ගොඩක් තියෙනවා. නිශ්පාදන වියදම, වෙළඳපොළ ස්වභාවය, ඒ අතරින් ප්‍රධානයි. ඉල්ලුම සැපයුම කොහොම වුනත් නිශ්පාදන වියදමට පහලින් භාණ්ඩයක් මිලදී ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ ඒ වගේම, වෙළඳපොලේ ස්වභාවය අනුව ඒක පාලනය කරන්න පුළුවන් හැකියාවත් ඒක හැසිරෙන විදියත් වෙනස් වෙනවා.

හාල් සම්බන්ධයෙන් කතාවච් එච්චරයි. බුලත් විටක් කන්න වී කිලෝ එකක් විකුණලා ගන්න මුදල වියදම් කරන්න වෙනවා නම්, සැමන් ටින් එකක් ගන්න වී කිලෝ 8ක් විකුණන්න ඕන නම්, වීමිල මීට වඩා පහත දාලා හාල් මිල අඩු කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ.

හාල් කිලෝ එකක් නිශ්පාදනය කරන්න වී කිලෝ 1.5-1.6ක් නම් හාල් කිලෝ එකක් හදන්න වී වලට විතරක් යන වියදම රු. 75ක්. ගබඩා කරන්න, සුද්ද කරන්න, ප්‍රවාහනය කරන්න, ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යන්න කියන වියදමුත් එක්ක බැළුවහම එක හාල් කිලෝ එකකින් ලොකු කුට්ටි පිටින් ලාභයක් ඇති කියලා හිතන්න අමාරුයි. ඒත් හැමෝම පරිභෝජනය කරන නිසා ප්‍රමාණය මත විශාල ලාභයක් එකතු වෙන එකත් එක්ක තමයි හාල් ව්‍යාපාරිකයෝ විශාල ලාභයක් උපයන්නේ. ඒක පළවෙනි කාරණාව.

‍දෙවැනියට ලංකාවේ හාල් වලට තියෙන්නේ කථපයාධිකාරී වෙළදපොලක්. සරලව කිව්වොත් ප්‍රධාන ව්‍යාපාරිකයෝ කිහිප දෙනෙක් අතේ තියෙන වෙළඳපොලක්. ඒ විදියේ වෙළඳපොළක මිල හැසිරෙන විදියේ වෙනම ක්‍රමයක් තියෙනවා. ඔය කාරනා එක්ක තමයි ලංකාවේ හාල් මිල තීරණය වෙලා තියෙන්නේ. වී මෝල් හිමියෝ ටික කතා කරලා මිල තීරණය කරනවා කියන නැත්නම් හාල් මාෆියාව කියන කතාවට කියන කාරණාව වෙන්නේ ඒකත් එක්ක. මේක ලංකාවේ හාල් වල විතරක් නෙමෙයි ගොඩක් ක්ෂේස්ත්‍රවල දකින්න පුළුවන් තත්වයක්. එතනදී තනි පුද්ගලයෙකුට මිල තීරණය කරන්න බැහැ. එහෙම තීරණය කරලා තමුන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නත් බැහැ.

මිනිහෙක් ජනාධිපතිවෙච්ච පලියට හිතනවානම් ඒ මිනිහා කටින් කියන කියන විදියට ලෝකේ කැරකෙන්න ඕන කියලා ඒක අනවබෝධය. එහෙම වෙන්නේ නෑ.

එහෙම කරන්න හදන එකෙන් වෙන්නේ ඒ සම්පූර්ණ ක්ෂේස්ත්‍රයම කඩාගෙව වැටෙන එක. ඔය සරල අවබෝධය නැතිව හාල් මිල පාලනය කරන්න යනවා කියන්නේ විහිළුවක්. එහෙම භාණ්ඩ වල සහ සේවා වල මිල පාලනය කරන්න පුළුවන් කියලා තීන්දු තීරණ ගන්න රජයක් මේ ඇතිවෙමින් තියෙන ආර්තික අර්බුධයට මුහුන දෙන්න යනවා කියන්නේ ඊටත් එහාට ගියපු දෙයක්.

Prasad walikubura

....


අදහස්

3 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0