මන්දමට හසුවූ දුර්ලබ කලුකොටියා සමුගනී

Click to
follow

නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි වත්තේ මන්දකට හසුවී සිට බේරා ගැනුණු කලූ‍ කොටියා මිය ගොස් තිබෙනවා. .

ශ‍්‍රී පාද රක්ෂිතයේ ඉතා සුළු ප‍්‍රමාණයක් කළු කොටින් වෙසෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.

මේ අතර මෙම කළු කොටියා හසුවූ මන්ද ඇටවූ බවට සැකකෙරෙන පුද්ගලයෙකු වන ජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණා.

මෙම ශෝකජනක සිදුවීම පිළිබඳව පරිසරවේදී නයනක රන්වැල්ල මෙසේ ලියා තිබුනා..

“උඹ අපිට හැමදේටම වඩා වටිනවා එත් අපිට උඹව බේර ගන්න බැරි වුණා….. උඔ වෙනුවෙන් කරන්න පුළුවන් බොහෝ දේවල් ගැන අපි හැමෝටම කිව්වා. නමුත් කවුරැත් ගණන් ගත්තේ නැහැ. ඊයේ උඹ අන්තිම වතුර ටික බොන හැටි අපි බලාගෙන සිටියා තිරය ඉදිරියේ.
මේ මළ පුඩු අන්තිම නරකයි.ඒවා නවත්වන්න නිවැරදි වැඩ පිළිවෙලක් දියත් කරන්න කියලා අපි වනජීවීයට දශකයකටත් වඩා වැඩි කාලයක් කිව්වා. කවුරැත් ගණන් ගත්තේ නැහැ.
උඹ අපිට හැම දේම වගේ. ඒත් අපිට බැරි වුණා උඹව බේර ගන්න.අවසානේ මළ පුඩු හසු කර ගන්න පුළුවන් ඉලෙක්ට්‍රෝනික මෙවළමක් අපිම මැදිහත්ව හැදුවා.ඒත් ඊට කලින් උඹ යන්න ගියා.

සුබ ගමන් ආයි එන්න එපා මේ රැදු ලෝකයට……

....


අදහස්

5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0