අප්‍රිකානු ඇමරිකානුවන් ගැන නොදත් කතාවක්

Click to
follow

ඇමරිකා එක්සත් ජනපදයේ සිටින කලු ජාතිකයන් හෙවත් අප්‍රිකානු අමෙරිකානු වන් පැවත එන්නේ එක්දහස් හයසිය ගනන් වල සිට එක්දහස් අටසිය ගනන් දක්වා අප්‍රිකානු මහාද්වීපයෙන් අමරිකාවට ගෙනා වහල් ජනයාගෙන් . ඇමරිකා එක්සත් ජනපදය ට මුලින්ම වහල් නැවක් එන්නේ 1619 Point Comfort වරායට. එය අද හදුන්වන්නේ වර්ජීනියා ප්‍රාන්තයේ Port Monroe නමින්. එහිදී අප්‍රිකානු වන් 19 දෙනෙකු වහලුන් ලෙස ඉංග්‍රීසි ජාතිකයන් විසින් මිලදී ගත්තා . 1700 වන විට කලු ජාතික වහලුන් 25,000 ක් ඇමරිකා එක්සත් ජනපදයේ සිටියා. 1880 වන විට අප්‍රිකාවෙන් මිලියන 1.2 පමණ කලු වහලුන් ගෙනැවිත් තිබූ අතර ඊට වඩා සංඛ්‍යාව ක් ප්‍රවාහනය යේදී මිය ගොස් තිබුනා . ඇමරිකා එක්සත් ජනපදය ට ගෙනා කලු වහලුන් සංඛ්‍යාව ලක්ශ පහක් පමණ වෙනවා.

ඇමරිකාවට වහලුන් ලෙස අප්‍රිකානු ජනතාව ගෙනාවේ ප්‍රදේශ අටකින්. සෙනෙගැම්බියාව ( සෙනෙගල් ගංගා ව සහ කසමනේ ගංගා ව අතර ප්‍රදේශය), අද සියෙරා ලියෝන්, ගිවිනේයා බිසව්, ගිනියා, යන රටවල් අයත් ව්ස්න සියෙරා ලියෝන් ප්‍රදේශය , ඝානාව අයත් වන ගෝල්ඩ් කෝස්ට්, ටෝගෝ, බෙනින් සහ නයිජිරියා වේ කොටසක් අයත් වන බ්‍රයිට් ඔෆ් බෙනින්ප්‍රදේශය , කොන්ගෝව සහ ඇන්ගෝලාව අයත් West Central Africa , කැමරුන්, ගැබෝන් සහ දකුණු නයිජිරියා ව අයත් බ්‍රයිට් ඔෆ් බියෆ්‍රා ප්‍රදේශය සහ මොසම්බික්, ටැන්සානියාවේ කොටසක් සහ මැඩගස්කරය අයත් east and south africa යන ප්‍රදේශ වලින්. ගෝත්‍රික වශයෙන් Hausa, batongo, igbo, mande , wolof, akar, fon , yoruba, සහ makua වලට අයත් පුද්ගල යින් මෙසේ අල්ලා ගත්තා.

ප්‍රථමයෙන් ම ඇමරිකා එක්සත් ජනපදයේ වහල් මෙහෙය නීති ගත කලේ 1641 දී මැසචුසෙට්ස් ප්‍රාන්තයේ . සුප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලය තියෙන්නේ මේ ප්‍රාන්තයේ . ජීවත් වීමේ අයිතිය ඇතුලත් මුල්ම මානව හිමිකම් ප්‍රකාශනය වන ඇමරිකානු නිදහස් ප්‍රකාශනයේ නිර්මාතෘවරයා වන තෝමස් ජෙපර්සන් වහලුන් 200 ක ගේ වහල් හිමියෙක්. ඇමරිකාව බිහිකල මහා මානව හිතවාදියා වන ඒබ්‍රහම් ලින්කන් ජනාධිපති වරයා 1863 ජනවාරි 1 දා අත්සන් කරන ප්‍රකාශනය ක් මගින් ඇමරිකා එක්සත් ජනපදයේ වහල් මහෙය අවසන් කර සියලු වහලුන් නිදහස් මිනිසුන් කරනවා. 1868 ඇමෙරිකානු ආන්ඩුක්‍රම වියවස්ථාවේ 14 වැනි සංශෝධනය මගින් සියලුම අප්‍රිකානු අමෙරිකානු වනට පුරවැසි භාවය ලබා දෙනවා. 1870 දී 15 වැනි ආන්ඩු ක්‍රම වියවස්ථා සංශෝධනය මගින් අප්‍රිකානු අමෙරිකානු පිරිමින්ට චන්ද බලය ලබා දෙනවා . [ඉහත විස්තරය මහාචාර්‍ය Rohana Mahaliyanaarachchi ගේ සටහනකින් උපුටා ගත්තකි]

ඉහතින් දක්වා ඇති වහල් මෙහෙය අවසන් කිරීමට ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් කොන්ග්‍රස් මණ්ඩලය සමග ක්‍රියා කරමින් සිටියදී ඊට දකුණෙහි කැරොලිනා ප්‍රාන්ථය ප්‍රමුඛ රාජ්‍යයන් 6ක් එක්සත් ජනපදයෙන් ඉවත්ව නව සන්ධාන රාජ්‍යයක් ප්‍රකාශයට පත්විය. එහි ජනාධිපතිවරයා ලෙස ජෙෆර්සන් ඩේවිස් තෝරාගත්තා. ඇමරිකානු සිවිල් යුද්ධය ආරම්භවන්නේ 1861 දීය. එක්සත් ජනපද හමුදාව බිහිකල විශිෂ්ඨතම සෙන්පතියෙකුවූ කීර්තිමත් රොබර්ට් ලී හමුදාපති තනතුරද අතහැර ගොස් දකුණු සන්ධානයේ හමුදාපති ධූරය භාරගත්තා. එතැන්සිට ලින්කන් ජනරාල් වරුන් කිහිපදෙනෙකු යටතෙහිම හමුදාව මෙහෙයවූවත් ඔවුන්ට කිසිදු සාර්ථකත්වයක් අත්කර ගැනීමට හැකි වුනේ නෑ.

විහිළුකරුවන් කිහිපදෙනෙකු සමග සටනට ගොස් හෙම්බත්ව සිටි ලින්කන් අවසානයේදී තම හමුදාව මෙහෙයවීම සඳහා තෝරාගනු ලැබුවේ සියල්ල අසාර්ථකවී ඉලිනොයිස්හි තම සොහොයුරාගේ සම් ගබඩාවෙහි දයිනිකව ඩොලර් දෙකක වැටුපකට සේවය කරමින් සිටි යුලිසීස් සිම්ප්සන් ග්‍රාන්ට්ය. අසාර්ථක සෙනවියන් කිහිප දෙනෙකු සමග සටන් කල ලින්කන් අවසානයේදී ඉතා භයානක සූදුවකට අත තබමින් වෙස්ට් පොයින්ට් උපාධිදාරියෙකු වන කලකට පෙර හමුදාව අතහැර ගොස් විවිධ දේවල් කරමින් සිටි විස්කි ලෝලියෙකුවූ යුලිසීස් ග්‍රාන්ට් හමුදාපති තණතුරට පත් කලා. ග්‍රාන්ට් පමණට වඩා විස්කි පානය කරන බව ඔහුට ඊර්ෂ්‍යාකල අනිකුත් ජනරාල් වරුන් විසින් ජනාධිපති ලින්කන් වෙත පැමිණිලි කලා....... "ඔහු බොන්නේ මොන ජාතියේ විස්කිද? අනිකුත් ජනරාල් වරුන්ටත් ඒ ජාතියේම විස්කි බැරළය බැගින් යවන්න..." යන්න ඊට ප්‍රථිචාර වස් ලින්කන්ගේ පිළිතුර වීය.......ඒ ග්‍රාන්ට් ඒ වනවිට අසාර්ථකවී තිබුණ යුද්ධයට ජීවගුණය සපයමින් සිටි එකම සෙනවියා වූ බැවිනි.

සිවිල් යුද්ධයෙහි හැරවුම් ලක්ෂය වූයේ ඔහුගේ එම නායකත්ව තීරණයයි. යුලිසීස් ග්‍රාන්ට් විශිෂ්ඨ ලෙස එක්සත් ජනපද හමුදාවට නායකත්වය ලබාදෙමින් රොබර්ට්.ඊ.ලී ගේ නායකත්වයෙන් පැවති දකුණු සoධාන හමුදාවට පල්මිටෝ රෑන්ච් සටනෙහිදී අවසන් ප්‍රහාරය එල්ල කරමින් එක්සත් ජනපදය එක්සත්ව තබාගැනීමට අවශ්‍යව තිබූ විජයග්‍රහණය ලබාදුන්නා.

ඉතින් මේ පසුබිම් සටහන තබන්නට අදහස් කලේ කලක් යුද විරුවෙකුව සිටි කීර්තිමත් රොබෙර්ට්. ඊ. ලී ජනරාල් වරයාගේ ප්‍රථිමා මේ දිනවල ඇමරිකාවේ සමහර නගරවල උද්ඝෝශණවල යෙදෙන පිරිස් විසින් කඩා දමන බවට වාර්ථා පලවී තිබෙනු දැකීමෙන්. රොබර්ට් ලී ඇමරිකානු එක්සත් ජනපදය බිහිකල කීර්තිමත්ම ජනරාල් වරයෙක්. ඔහු පැවත එන්නේ වර්ජිනියා ප්‍රාන්ථයෙහි ඉඩම් හිමි වoශාධිපති පරපුරකින්. ඔහු කොයි තරම් දක්ශයෙකු වුවත් තම ඉඩම් වල සේවය කල කළු වහළුන්ට ඉතාමත් නිර්ධය ලෙස සැලකූ අයෙකු වශයෙනුයි ප්‍රසිද්ධ.

දකුණු සන්ධානයේ වහල් හිමියන්ට එරෙහි සටනට සාර්ථක නායකත්වයක් දීපු හොඳ විස්කි පාරක් ගහල දුකසේ ජීවිතේ ගැටගහගෙන සතුටින් ජීවත්වුනු යුලිසීස් ග්‍රාන්ට් තවමත් ජනතාව අතර වීරයෙක්. ඇතැම් ස්ථානවල ඔහුගෙ ප්‍රථිමා වලට විරෝධතාකරුවන් මල් මාලා පලඳවා ඇති බවටත් වාර්ථා වෙනවා.

වම් පැත්තෙ අළුපැහැ ඇඳුමෙන් මේසය ලඟ හිටගෙන ඉන්නෙ යටත්වීමේ ලියවිල්ලට අත්සන් තබන රොබෙර් ඊ ලී. දකුණු පැත්තෙ රවුම් ටීපෝව අසල වාඩිවී සිටින්නේ වීරයා යුලිසිස් සිම්ප්සන් ග්‍රාන්ට්.

....


අදහස්

13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0