රජයේ සේවකයින්ට 2016 සිට විශ්‍රාම වැටුප් හිමිකම නෑ - තමන්ගේ කතිරයෙන්ම විශ්‍රාම වැටුප අහිමි කර ගන්න එපා -දුමින්ද නාගමුව පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Click to
follow
රජයේ සේවකයින්ට 2016 වසරේ   සිට විශ්‍රාම වැටුප්  හිමිකම නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා පවසයි.
බත්තරමුල්ලේ පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද 13පැවති මාධ්‍ය  හමුවේදී  ඒ මහතා මේ බව පැවසීය.
 
දුමින්ද නාගමුව මහතා
 
2016 වසරේ සිට රාජය සේවයට ඇතුළුවෙන කිසිම කෙනෙකුට  විශ්‍රාම වැටුප ලබා දෙන්නේ නෑ.රජයේ රැකියා වලට දැන් ඇතුලත් වෙන අයට  ලබා දෙන්නේ දායකත්ව විශ්‍රාම වැටුපක්  එය ඉදිරියේ තීරණය කරන ක්‍රමයකට ලබා දෙන බව සදහන් කරමින් ඇති ලිපියක් තමයි දැන් රජයේ රැකියා වලට බැදෙන අයට  ලබා දෙන්නේ.
 
රජයේ සේවයට 2016 වසරේ සිට බැදුනු සියලු දෙනාට විශ්‍රාම වැටුප අහිමිවෙලා තියෙන්නේ. ඒ නිසා රජයේ සේවකයින්ගේ ඉල්ලීමක් තිබුනා එක්සත් ජාතික පක්ෂය සිදුකල මේ ක්‍රියාව වහාම නිවැරදි කරන්න කියලා.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශණයේ පැහැදිලිව සදහනක් කරලා තිබුනා 2020 ජනවාරි මාසයේ මේ ප්‍රශ්ණය නිරවුල් කරනවා කියලා.නමුත්  ඒ දේ කලේ නෑ.
 
රජයේ සේවකයින්ගේ විශ්‍රාම වැටුප සම්බන්ධව මේ ආණ්ඩුව ඉන්නෙත් පහුගිය ආණ්ඩුව හිටපු තැනමයි. ඒ ගැන සැක හිතන්න එපා.
ඉතුරු රජයේ සේවකයින්ටත් විශ්‍රාම වැටුප අහිමි කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ප්‍රථිපත්තිය.
අපි බය නැතිව බොහොම විශ්වාෂයෙන් ඒ බව කියනවා.ඉදිරි කාලයේදී මේ රටේ ජනතාවට ඒ ගැනබලන්න පුළුවන්.රජයේ සේවකයින්ගෙන් අපි ඉල්ලා සිටිනවා මෙවර මැතිවරණයේදී තමන්ගේ විශ්‍රාම වැටුප කපා ගන්න තමන්ගේ කතිරයම යොදා ගන්න එපා.
 
 
 
 
 
....


අදහස්

3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0