බන්ධනාගාර රැඳවියන් අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවයි

Click to
follow

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් අධිකරණ ක්‍රියමාර්ග සඳහා අධිකරණ වෙත රැගෙනයාම තාවකාලිකව අත්හිටුවා තිබේ.

 

ඒ ඒ අධිකරණ විසින් කළ දැනුම් දීම අනුව එම පියවර ගත් බවත් ඒ අනුව සිදුවන අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය මගින් සිදුවන බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

කොමසාරි ජනරාල්වරයා සඳහන් කළේ, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන්ගේ දින දීර්ඝ කිරීම ආදිය එලෙස සිදුවන බවය.

මේ අතර නැවත දැනුම්දෙන තුරු රැඳවියන් බන්ධනාගාර අතර හුවමාරු කිරීමද අත්හිටුවා තිබේ.

 
 

 

 
....


අදහස්

2 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0