කසී ඉස්ලාම්ට වසර දෙකක ක්‍රිකට් තහනමක්

Click to
follow

බංග්ලාදේශ පළමු පෙළ ක්‍රිකට් කී‍්‍රඩකයෙකු වන කසී ඉස්ලාම්ට එරට ක්‍රිකට් ආයතනය විසින් වසර දෙකක ක්‍රිකට් තහනමක් තිබේ.

ඔහු ජාතික කි‍්‍රකට් ලීගය අතරතුරදී තහනම් උත්තේජක ලබා ගැනීමේ සිද්ධියකට වරදකරු වීම හේතුවෙන් එලෙස වසර දෙකක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට 2018 වසරේ නොවැම්බර් මාසයේ සිදුකෙරුණු පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර වරද පිළිගත් ඔහුට 2019 පෙබරවාරි මාසයේදී තාවකාලික තරඟ තහනමක් පැනවීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය.

එම තහනම ආරම්භ වූ පෙබරවාරි 8 වැනිදා  සිට වසර දෙකක කාලයක් බලපැවැත්වෙන පරිදි බංග්ලාදේශ කි‍්‍රිකට් ආයතනය විසින් ඔහුට මෙලෙස තරඟ තහනමක් පනවා ඇත.

....


අදහස්

4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0