බණ 800කට වැඩියෙන් කිව්වේ මහින්දගේ පරණ හොරු රැළට රට ගෙනියන්න නෙවෙයි

Click to
follow

තමා බණ 800කට අධික ප්‍රමාණයක් දේශනා කළේ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ පරණ හොරු රැළට පරණ පාරෙන් රට අරන් යාමට නොවන බව අපේ ජනබල පක්ෂයේ අපේක්ෂක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි. 

 
පසුගියදා කුරුණෑගල පුරාවස්තු විනාශය පිළිබඳ සාකච්ඡා කිරීමට කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඥාණසාර හිමි මේ බව පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඥාණසාර හිමියන්,
 
"දැක්කනේ මේ ඊයේ පෙරේදා කුරුණෑගල නගරා‍‍ධිපති බුවනෙකබාහු හෝටලය හෝටලය හරි මොකක් හරි පැරණි ගොඩනැගිල්ල කියමුකෝ. ඒක 2014 ගෝඨාභය මහත්තයාම ගැසට් එහෙකින් සංරක්ෂණය කළ යුතු ගොඩනැගිල්ලක් කියලා නම් කරනවා. ගොඩනැගිලි 10 න් 6 වෙනි ගොඩනැගිල්ල විදිහට. ජොන්ස්ටන් කියනවා මගේ මිනිහා නගරාධිපති මයිලකට අත තියන්න දෙන්නේ න‍ෑ. පුරාවිද්‍යාවෙන් දාපු කොමිටියෙන් ‍එනවා මේකේ වරදක් වෙලා තියෙනවා අනිවාර්යයෙන් නීතිය හමුවට පමුණුවන්න ඕන කියලා. ඊට පස්සේ පොහොට්ටුවේ සභාපති හාමුදුරුවො ඇවිල්ලා කියනවා පොහොට්ටුවේ වීම නිසා නැහැ නෑ මේකෙ මේ දේශපාලනනේ ගනන් ගන්න දෙයක් නෑ. අනික් පැත්තෙන් ආණ්ඩුවෙන් නිර්දේශයක් එනවා ලක්ෂ 90ක් යනවා ඒක නගර සභාවේ නිසා පළාත් සභාවේ සල්ලිවලින් ආපහු මේක පිළිසකර කරන්න ඕන කියලා. ඊයේ ගෝඨාභය මහත්තයා කියනවා පෙරේදාද කොහෙද මේ ඒක අර බුවනෙකගේ මොකක්ද මේ අර අහවලාගේ පුතාගෙනේ කියලා. එහෙනම් මොන බම්බුවකටද ලක්ෂ 90 ක් වෙන් කරන්නේ අරක හදන්න සමතලා කරා නම් ඉවරනේ. මෙන්න මේ ගොල්ලන්ගේ දේශපාලනේ. අපි මේ පරණ මූව පාරේ යන්නද ගෝඨාභය වගේ කෙනෙකුට කතිරේ ගැහුවේ ? නැහුනේ අපි බණ 800 කට වැඩිය කියලා තියෙනවා මම මේ රටේ මේ මතය හදන්න එක බනකට මිනිස්සු දෙතුන්දාහක් ඇවිල්ලා තියෙනවා බණ අහන්න. යු.එන්.පි කාරයෝ ඇවිල්ලා කියලා තියෙනවා අනේ හාමුදුරුවනේ තමුන්නාන්සේ කියන කතාව ඇත්ත ගහන්නෙ නෑ මේ පාර නම් අනිවාර්යයෙන් ඔබ වහන්සේ කියන මේ පණිවුඩය අපි ජනගත කරනවා. එහෙමයි අපි ඔසවලා තිබ්බේ. හැබැයි ඒ මහින්ද මහත්තයාටයි එයාගේ අර පරණ හොරු රැළටයි රට අර පරන පාරේන් රට අරන් යන්න නෙවෙයි ඒක කළේ. කුරුණෑගල පුරාවස්තු විනාශයට වගකිවයුත්තන් කෝ?"
....


අදහස්

8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0