ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බයකින් 17ක් ජීවිතක්ෂයට

Click to
follow

ඇෆ්ගනිස්තානයේ ලෝගර් පළාතේ මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයන් 17 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදු කර ඇති බවට එරට ආරක්ෂක අංශ විශ්වාසය පළ කරයි.

ඇෆ්ගනිස්ථානය පුරා මේ වන විට ඊද් උත්සවය පැවැත්වෙන අතර බෝම්බය ජනාකීර්ණ ප්‍රදේශකදී බෝම්බය පුපුරා ගොස් තිබේ. ඊද් පළමු දිනය වන සිකුරාදා සිට, තෙදින සටන් විරාමයකට තලෙයිබාන් හා ඇෆ්ගනිස්ථාන රජය තම එකඟත්වය පළ කර තිබූ නමුත් එම විරාම කාලය ආරම්භ වීමටත් ප්‍රථම මෙම ප්‍රහාරය එල්ල කෙරිණ.

ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ තවමත් පරීක්ෂණ පවත්වයි.

....


අදහස්

4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0