පොදුජන පෙරමුණේ අපේක්ෂක චොකා මල්ලිට මරණ දඬුවම

Click to
follow

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වූ නිලන්ත ජයකොඩි සහ කහවත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා මරණ දඬුවම නියමවූ සෙසු විත්තිකරුවන් වන අතර ඊට අදාළ නඩු තීන්දුව රත්නපුර මහාධිකරණය මඟින් ඊයේ (31) ප්‍රකාශයට පත් කළේය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ කහවත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබුණි.

....


අදහස්

4 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0