කොවිඩ් 19 වැළඳුණු මෙරට ගර්භණී මවකට කළ සිසේරියන් සැත්කම සාර්ථකව අවසන්

Click to
follow

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය වැළදුණු ගර්භණී මවකට ඊයේ (31) සිසේරියන් සැත්කමක් සිදුකර ඇති අතර එය සාර්ථකව අවසන් කර තිබේ. 

නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී එම  සැත්කම සිදු කර තිබේ.  ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා විසින් එම සැත්කම සිදුකර ඇත. මව නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා ප්‍රතිකාර සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා පවසයි. දරුවා පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි වාර්තා අද (01) පැමිණීමට නියමිතය.

....


අදහස්

1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0