ගතවූ පැය 24ට පමණක් ඇමරිකාවෙන් ආසාදිතයින් 70,033ක්

Click to
follow

ගතවූ පැය 24 තුළදී පමණක් ඇමරිකාවෙන්  කොවිඩ් 19 ආසාදිතයන් 70,033ක් වාර්තා වී තිබේ. 

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඇමරිකාවෙන් වාර්තා වී ඇති අතර එය හතළිස් හත් ලක්ෂ පන්දහස ඉක්මවා තිබේ. අමෙරිකාවේ එක් ලක්ෂ පනස් හය දහසකට වැඩි සංඛ්‍යාවක් වෛරස හේතුවෙන් මියගොස් ඇති අතර එරටින් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව වාර්තා වන්නේ විසිතුන් ලක්ෂ විසි හත් දහස් හැත්තෑ දෙකක් ලෙසයි.

ගෝලීය වශයෙන් මේ වන විට කොරෝනා වෛරසයෙන් සම්පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව එක්කෝටි එකොළොස් ලක්ෂ පනස් එක් දහස ඉක්මවා ගොස් තිබේ.

 
 
....


අදහස්

9 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.
අදහස් දැක්වීම් 0