Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ආමර් වීදියේ වෙළෙඳසැලක ගින්නක්

කොළඹ, ආමර් වීදිය ආසන්නයේ ටයර් අලෙවි කරන වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව...
HomeNewsශ්‍රී ලංකා යොවුන් පිලට තියුණු ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට තියුණු ජයක්

සංචාරක බංග්ලාදේශ අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ ඊයේ දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි එක්දින තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමත් විය. මේ ජය සමඟ තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකි විය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ශ්‍රී ලංකා යොවුන් පිල දුන් ලකුණු 229ක ඉලක්කය හඹාගිය බංග්ලාදේශ යොවුන් පිලට ඕවර 49.3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 227ක් පමණි.

මෆිජුල් ඉස්ලාම් ලකුණු 75ක් රැස් කරමින් බංග්ලාදේශ පිළිතුරු ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් අතර, ඉෆ්තිකාර් හොසේන් ලකුණු 36ක් ඉනිමට එක් කළේය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ සහ නායක දුනෙත් වෙල්ලාලගේ කඩුලු 3 බැගින් බිඳ දැමූහ.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් සදීෂ් ජයවර්ධන සහ පවන් පතිරාජ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

⁣ඔවුන් දෙදෙනා එක්ව 3 වැනි කඩුල්ලට ලකුණු 54ක් එක් කළ අතර, පන්දු 94කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 58ක් රැස් කර සිටි සදීෂ් දැවී යෑමත් සමඟ එම සබඳතාව නිමා විය. ඉන් පෙර සදීෂ් දෙවැනි කඩුල්ලට ෂෙවෝන් ඩැනියෙල් (34) සමඟින් ලකුණු 66ක් රැස් කර තිබිණි.

ශ්‍රී ලංකා යොවුන් පිල – 228/8 (ඕවර 50) සදීෂ් ජයවර්ධන 58, පවන් පතිරාජ 51, ෂෙවෝන් ඩැනියෙල් 34 (රිමෝන් මොන්ඩොල් 49/3, අශිකුර් සමන් 54/2)

බංග්ලාදේශ යොවුන් පිල – 227 (ඕවර 49.3) මෆිජුල් ඉස්ලාම් 75, ඉෆ්තිකාර් හොසේන් 36 (මතීෂ පතිරණ 26/3, දුනෙත් වෙල්ලාලගේ 30/3)

නිරෝෂාන් ප්‍රියංකර