― political ―

පාසල්වලට ගොඩක් දේවල් නැති වුණේ දේශපාලඥයෝ නිසා

මේ වනවිට ක්‍රම ක්‍රමයෙන් සංචාරක කර්මාන්තය ඉදිරියට යමින් විදේශිකයන් විශාල ප්‍රමාණයක් අප රටට එන්නට පටන් ගෙන ඇති මොහොතක මේ රජය විදේශිකයන්ගේ වීසා ගාස්තුව හිටි...
HomeNewsශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 141කින් නවතී

ශ්‍රී ලංකා ‘ඒ’ ලකුණු 141කින් නවතී

සංචාරක පාකිස්තාන ‘ඒ’ (පාකිස්තාන ශහීන්ස්) කණ්ඩායම සමඟ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිව්දින තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම ලකුණු 141කට සීමා විය.

ඊයේ දෙවැනි දිනයට ක්‍රීඩාව නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන පාකිස්තාන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 70ක් රැස් කර ගෙන සිටියේය. කඩුලු 9ක් අතැතිව සිටින ඔවුන් ශ්‍රී ලංකා ඉනිමට වඩා තවත් ලකුණු 71ක් පසුපසින් සිටී.

තරගයට දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා වූ අතර, ඒ හේතුවෙන් ඊයේ ක්‍රියාත්මක කළ හැකි වූයේ ඕවර 47ක් පමණි.

සවුද් ශකීල් ලකුණු 35ක් සහ ඔමායිර් යූසෆ් ලකුණු 26ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ.

ඊයේ දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා පිතිකරුවෝ අවසන් කඩුලු 4ට ලකුණු 80ක් රැස් කර ගැනීමට සමත් වූහ. විශ්ව ප්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් සහ ලසිත් ඇඹුල්දෙණිය ලකුණු 22ක් ඉනිමට එක් කළහ. ශ්‍රී ලංකා ඉනිම බිඳ දැමූ නසීම් ශාහ් ලකුණු 53කට කඩුලු 5ක් දවාගත් අතර, ඔහුට අනගි සහායක් දුන් කුරාම් ශෙසාඩ් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ දැම්මේය.

පෙරේදා ආරම්භ වූ තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් ඕවර 22කට සීමා වූ අතර, ඒ වන විට ශ්‍රී ලංකා පිලට කඩුලු 6ක් අහිමිව තිබුණේ ලකුණු 61කටය.

ඉනිම ආරම්භ කළ කමිල් මිෂාර (20) සහ ළහිරු උදාර (23) පළමු කඩුල්ලට ලකුණු 36ක සබඳතාවක් ගොඩනැඟූ අතර, ඉර්ෆනුල්ලා ශාහ්ගේ පන්දුවකට උදාර දැවී යෑමත් සමඟ තවත් ලකුණු 25ක් තුළ කඩුලු 5ක් බිඳ දැමීමට පාකිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

ඕෂධ ප්‍රනාන්දු (12), නායක සධීර සමරවික්‍රම (1), නුවනිදු ප්‍රනාන්දු (1) සහ ලසිත් අබේරත්න පළමු දිනයේ දැවී ගිය පිතිකරුවන් අතරට එක් වූහ.

තරගයේ තෙවැනි දිනය අදයි.

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම – 141යි. (ඕවර 46) විශ්ව ප්‍රනාන්දු නොදැවී 30, ළහිරු උදාර 23 (නසීම් ශාහ් 53/5, කුරාම් ශෙසාඩ් 25/3)

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම – 70/1 (ඕවර 23)