Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsPoliticalතියෙන්නේ පිට්ටනි 4 යි. වර්ල්ඩ් කප් එකක් තනියම කරන්න බැහැ

තියෙන්නේ පිට්ටනි 4 යි. වර්ල්ඩ් කප් එකක් තනියම කරන්න බැහැ

ශ්‍රී ලංකාවට තනිව ක්‍රිකට් ලෝක කුසලානයක් පැවැත්වීමට නොහැකි හේතුව ඇමති නාමල් අනාවරණය කරයි

ශ්‍රී ලංකාවේ තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ 4 ක් පමණක් බවත්, ක්‍රිකට් ලෝක කුසලානයක සත්කාරකත්වයක් තනිව දැරීමට නම් අඩුම වශයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ පහක්වත් තිබිය යුතු බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (09) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

යම් හෙයකින් ක්‍රීඩාංගණ 4ක් හෝ නොතිබුණේ නම් තවත් රටක් හෝ කිහිපයක් සමඟ සමසත්කාරකත්වයක් හෝ දැරීමට අවස්ථාවක් ශ්‍රී ලංකාවට නොලැබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

අදට අපට ක්‍රිකට් ජාත්‍යන්තර පිට්ටනි 4 යි තියෙන්නේ. අපට 5 ක් තිබ්බා නම් වර්ල්ඩ් කප් එකක් තනියම host කරන්න පුළුවන්.

අපට 5 ක් නැති නිසා තමයි අපි අසල්වාසි රටවල් එක්ක එකතු වෙලා වර්ල්ඩ් කප්වලට bidding වලට යන්නේ.

අපට capacity එක තිබුණත් ක්‍රීඩා ස්ටේඩියම් ප්‍රමාණය අඩු නිසා තමයි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ.

හතරක්වත් නොතිබුණා නම් කොහොමවත් අපට co-host කෙනෙක්වත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ.