මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

අභියෝග මැදින් ඉදිරියට

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

බලයට පත් වන ඕනෑම අයකු තමාබලයට ආ පසු කරන නොකරන දෑ ප්‍රකාශ කරනුයේ එතෙක් රටේ පවත්නා සමාජ, ආර්ථික, ආරක්‍ෂක හා දේශපාලනික අංශ පිළිබඳ මැනවින් පරීක්‍ෂා කොටබලා රට තිබෙන තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමටය. ඒ සඳහා යොදා ගන්නා උපාය උපක්‍රම ජනතාවාදී වන තරමටම ජනතා ආකර්ෂණය හා ජනතා ආශිර්වාදය ලබා ගත හැක. ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික හා ආරක්‍ෂක අංශයන්හි පැවැති අවපාතය මහජනතාව හොඳින් දනී. ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්‍ෂක ලේකම්වරයාව සිටි සමයේ බොහෝ දෙනකු කළ නොහැකියැයි පැවසූ එසේම නිමාකිරීමට ද බියවූ තිස්වසරක් පුරා මෙරට සමාජ දේහය පිළිලයක් මෙන් වසාගෙන සිටි කුරිරු ත්‍රස්තවාදී යුද්ධය නිමාකිරීමට පෙරමුණ ගැනීමත් 2009 වර්ෂයේ යුද්ධය නිමවීමෙන් පසු නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස නගර අලංකරණය, සැලසුම්කරණය, විධිමත් කරණය හා මහල් නිවාස යෝජනා ක්‍රම හඳුන්වා දෙමින් සිදු කළ යෝධ සංවර්ධනයන් වෙනුවෙන් ලබා දුන් නායකත්වය පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය ඔහුට විශාල ජනවරමක් ලබා ගැනීමට හේතු වූ බව නොරහසකි. බලයට පත් දේශපාලනඥයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ඔහු ලබාදුන් පරමාදර්ශය මහජනතාව ඉතා ආදරයෙන් වැලඳ ගෙන තුනෙන් දෙකක බහුතරය පාර්ලිමේන්තු ආසන නියෝජන බලයක් ද ලබා දුන්හ.

2019 වර්ෂාවසානයේ චීනයෙන් ඇරඹි කොවිඩි19 උවදුර අද වනවිට ලෝක ව්‍යසනයක් බවටපත් වී ඇත. මේ වනවිට ලෝක ජනගහණයෙන් මිලියන හයකට වැඩිප්‍රමාණයක් මිය ගොස් ඇත. ඒ ඒරටවල ආර්ථික දියුණුව බොහෝ සෙයින් අඩපණ වී ඇත. ලෝක බලවතා වූ මා වෙසෙන අමෙරිකා එක්සත් ජනපදයේ ද ආර්ථික වේගය අඩපණ වී ජීවන බර වැඩි වී ඇත. ආහාර පාන ඇතුළු අත්‍යවශ්‍ය දේ වෙනුවෙන් තුන් ගුණයකින් පමණ මිල වැඩි වී ඇත. ලංකාවට සාපේක්ෂව අමෙරිකාවේ බඩු මිල ඉහළගොස් ඇත. ලෝකයේ ලොකුම ආර්ථික දියුණුව පෙන්වා ඇති චීනයේ තත්ත්වය ද එසේම ය. වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ පා ඇති ආර්ථික පසු බෑම හා ඒ මත උද්ගතව ඇති විවිධ සමාජ ප්‍රශ්න හමුවේ ඇතැම් අයගේ අපහාස උපහාසයන්ට වර්තමාන රජයපත් වී ඇති බව නොරහසකි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස බලයට පත් වන විට ගෝලීය වශයෙන් පැවැති සියලූ හිතකර තත්ත්වයන් කොරෝනාව විසින් ගෝලීය ව්‍යසනයක් බවට පත් කර ඇත. ලංකාවට විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් ගෙන්වීමට දායකවූ සංචාරක ක්‍ෂේත්‍රය මුළුමනින් ම පාහේ බිඳවැටී ඇත. යම් යම් ක්‍රමෝපායන් හා කොන්දේසි සහිතව සංචාරකයන් මෙරටට ගෙන්වා ඒ ක්‍ෂේත්‍රයේ පිබිදීමක් ඇතිකොට විදේශ විනිමය ගෙන්වා ගැනීමට උත්සාහ කරන අවස්ථාවල දී ‘‘සුද්දො මෙහාට ගෙන්වල ලංකාවෙ මිනිස්සු කොරෝනාවලට බිලිදෙනව’’යැයි පවසමින් ඒවාට විරුද්ධව කෑ ගසන උද්ඝෝෂණය කරන මිනිස්සු ම අනිත්පැත්තට ‘‘ආර්ථික බිඳවැටිල ජනතාවගේ ජීවන බර වැඩිවෙලා’’ යැයි පවසමින් ආණ්ඩුවට එරෙහිව සටන් මෙහෙයවති. දැනට පවත්නා විදේශ විනිමය සංචිත ප්‍රමාණයට සාපේක්‍ෂකව ආනයනය සීමා කොට ඇත. ඒ නිසා මහජනතාවට මුහුණපෑමට සිදුව ඇති අපහසුතා පිළිබඳ මෙම ජනතාවාදී ආණ්ඩුව නොදන්නවා නොවේ. ආපදා සම්පන්න අවස්ථාවක දී අපට තෝරා ගැනීමට විකල්ප ගොඩක් ලැබෙන්නේ නැත. ලැබෙනුයේ විකල්ප දෙක තුනක් පමණි. ඒ අවස්ථාවල දී අපි තෝරා ගත යුතු වන්නේහොඳම විකල්ප පමණි.

ආනයනය සීමා කළ ද මේ කාල වකවානුවේ දී ලංකාව අපනයන අංශයෙන් ඉකුත් වර්ෂවලට සාපේක්‍ෂකව සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම්කොට ඇත. එය ලංකාව ලබා ඇති විශාල දියුණුවකි. පසුගිය කාල වකවානුවල ඉදිකට්ටේ සිට අත්‍යවශ්‍ය දේ මෙන්ම සරුංගල් වෙසක් ආදි අත්‍යාවශ්‍යම නොවන දේවල් ද පිට රටින් ආනයනය කළ බව විරුද්ධ මත දරන දේශපාලනඥයන් හා ඔවුන්ගේ ගෝල බාලයන් ද නොදන්නවා නොවේ. දැන් ඒ සියල්ලක් ම නතර වී ඇත. දැන් අපට අවශ්‍ය අපට ම නිපදවාගත හැකි දේශිය නිෂ්පාදන මත යැපෙන ආර්ථික රටාවකට . මේ ගමන ආරම්භයේ දී දුෂ්කර වුවද ආපස්සටඇදීම් බහුල වුව ද නොනවත්වා ඉදිරියට ගිය හොත් අනුන්ට අත නොපා ජාතියක් ලෙස අපට ස්වයංව නැ‍ඟී සිටිය හැක. අමෙරිකාව ලෝක බලවතා වී ඇත්තේ ද චීනය ආර්ථික අංශයෙන් මුළු ලෝකය ම අල්ලාගෙන ඇත්තේ ද මේ සිද්ධාන්තය තුළිනි.

දැනට උද්ගතව ඇති සමාජ ආර්ථික අර්බුදය හමුවේ ඊට ධෛර්යව මුහුණ දීමට හා අභියෝගයට ප්‍රති අභියෝගයක්වීමට ගෝඨාභය රාජපක්‍ෂමහතාට හොඳ ආත්ම ශක්තියක් ඇත. මා ඔහු දැනහඳුනනුයේ මීටවසර පනහකට පමණ පෙරසිට ය. කුඩාවියේ කොළඹ ආනන්ද විද්‍යාලයට ඉගෙනීමට යනකාලයේ දී නැවතී සිටියේ අප පාමංකඩ ශ්‍රී මහාවිහාරය අසල නිවසක ය. 90 දශකයෙන් පසු අමෙරිකාවේ පදිංචියට ගිය පසු ලොස්ඇන්ජලීස් ධර්මවිජය පන්සලේ ප්‍රධාන පෙළේ දායක මහතෙකු විය. පිළිවෙළට වැඩකිරීම කුඩා වියේ සිට ම ඔහුගේ සිරිතයි. අමෙරිකාවේ ජීවත්වන කාලයේ දී පන්සල් සමීපයෙන් ඇසුරු කරමින් ඒවායේ දියුණුවට බොහෝ සෙයින් උපකාරකොට ඇත. ගෝඨාභය මහතා අභියෝග හමුවේ කිසිවිටෙකත් සැලෙන අයකු නොවේ. අභියෝග හමුවේ ඔහු සැලසුම් වෙනස් හා උපාය උපක්‍රම වෙනස්කර ඇත.රට ගැන හිතා දේශපාලනික වශයෙන් ඉතා අවාසිසහගත හා අභියෝගාත්මක තීන්දු පවා නොබියව ගෙන ඇත. මොන පක්‍ෂයක් බලයට ආවත් අමෙරිකාවේ දේශපාලන අධිකාරිය ප්‍රමුඛත්වය දෙනුයේ රටට මිස තමාගේ පක්‍ෂයට නොවේ. අමෙරිකාවේ දේශපාලන කරළියෙන් උකහා ගත් එම ගුණය ගෝඨාභයට ද ඇත. එහෙත් මේ රටේ ජනතාව තවමත් වෙනස් වී නොමැත. සිල්ලර දේශපාලනයෙන් එහාට චින්තන විප්පලවයක් ගැන අදහසක් නැත. අභියෝගාත්මක කාල වකවානුවක රට ඉස්සර හට තල්ලූ කිරීමට තනි තනිපුද්ගලයන්ට කළ හැකි වගකීම විශාල වේ. කොරෝනා ව්‍යාප්තිය පාලනයට එන්නත්කරණය දැනට ඇති හොඳම විකල්පය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන බලවතුන් යෝජනා කරද් දී එන්නත්කරණය තුළින් ලෝකයේ ඇතැම් බලවත් රටවල් පවා දෙවැනි කොට ලංකාව මුල් තැනටපත් වී ඇත. ඒ අනුව රජයේ වගකීම නිසි ලෙසඉටු නොකළේ යැයි කිසිවෙකුටවත් අවංකව දොස් කිව නොහැක.

ජනාධිපතිවරයා රජයේ නිලධාරීන් කෙරෙහි විශ්වාසය තබා ගත් ඇතැම් තීරණවලට එම නිලධාරීන් සාධාරණය ඉෂ්ට කළේ ද යන්න ඒ අය මේ වර්ෂයේ දී වත් කල්පනා කළ යුතුය. ජනාධිපතිවරයාට ගොවි ජනතාව ආර්ථිකව හෝ මොනයම් ක්‍රමයකින් හෝ පහතට ඇද දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැත. ඔහුට බලයට ඒමට වැඩිපුර ඉනිමං තැනවූවෝ ගොවිහු බව දන්නෝ දනී.රටේ විදේශ විනිමයත් රැකගෙන පොදු මහජනතාවගේ සෞඛ්‍යයත් ආරක්‍ෂා කරගෙන ‘අපේකම’ රකින්නට කෘෂිකර්මාන්තයට කාබනික පොහොර භාවිතය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ ද බොහෝ කෘෂිඋපදේශකවරු ඊට සහාය දුන්නා ද යන්න ඇත්තේ විමතියකි. ඇතැම් ගොවි උද්ඝෝෂණ සඳහා අත යටින් උපදෙස් හා අනුබල දුන්නේ ද ඔවුන් ම ය. පසුගිය කාලවකවානුවේ ජනප්‍රිය වූ දේශපාලන සටන් පාඨයකි ‘225 ම හොරු’. පිට්පොකට්කාරයා ම අන්න හොරා අන්නහොරායැයි කියමින් වෙනත්කෙනකු පෙන්නා දුවන්නාසේ ම දූෂිත රාජ්‍ය නිලධාරී පැලැන්තිය රාජ්‍ය දේපළ සූරකමින් සොරාකති. රාජ්‍ය ආයතනවල පරිපාලනයටපත් කළ ඇතැම් නිලධාරීන් දූෂණය පිටුදැකීමට දැඩි උවමනාවක් තිබුණ ද ඒවා හිතන අයුරින් ම ඉටුකර ගැනීමට නොහැකි වී ඇත්තේ මේ හේතුව නිසා ය.

කෙතරම් දුෂ්කර කාලයක් වුවත් ජනාධිපතිවරයා රටේ සංවර්ධන කටයුතු නතරකොට නැත. අපහසුතා හා අමාරුකම් මැදවුවද ඒවා ඉදිරියට කරගෙනයයි. බෞද්ධ වෙහෙර විහාර, පල්ලි, කෝවිල් ආදි ආගමික ස්ථානවල සංවර්ධනයට ද දායකත්වය ලබාදෙයි. අද විවෘත කෙරෙන වසර 160 ක් පැරැණි කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝසභාවේ මංගල උපෝසථාගාරය ද ජනාධිපතිවරයාගේ නියමයෙන් රාජ්‍ය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉංජිනේරු ශිල්පීන්ගේ දායකත්වයෙන් නිමවූවකි. යුද්ධයෙන් පසු හමුදා ත්‍රිවිධ හමුදාවේ සොල්දාදුවන් විසුරුවා හරින්නේනැතිව ඔවුන් රටේ සංවර්ධනයට යොදා ගැනීමට ගෝඨාභය මහතා ගත් තීරණය ද අගය කළ යුත්තකි. අමෙරිකාවේ වියට්නාම් යුද්ධයෙන් පසු සොල්දාදුවන් විසුරුවා හැරීම නිසා ‘හෝම්ලස්’ (ගෙවල් නැති අය බවට පත්ව අදත් මහමඟ අනාථ වී ඇති පිරිස් සිය ගණනින් අමෙරිකාවේ වෙසෙති. ත්‍රිවිධ හමුදාවන්හි දායකත්වයෙන් උතුරු නැඟෙනහිර ප්‍රමුඛ කොට සියලූ පළාත්වල ජාති ආගම් භේදයකින් තොරව සිද්ධස්ථාන සිය ගණනක් ප්‍රතිනිර්මාණය වීම ධර්මාශෝක ප්‍රතිපත්තිය ඉදිරියට යෑමකි.

රටේ ඉදිරි සංවර්ධනය මැනවින් සිදු වීමට නම් මේරටේ මහජනතාවට ද විශාල වගකීමක් ඇත. ඉදිරියේ ඇතිවන අර්බුද හමුවේ අනාවැකි පවසන්නේ නැතිව හැකි පමණින් අඩුම තරමින් එක් මිරිස්පැලයක් හෝ හිටවා ගෙන ජාතික ආර්ථිකයට ශක්තියක් විය හැක. පසුගිය කාලයේ කහ ප්‍රශ්නය සමාජ මාධ්‍ය පුවත් අලූත් කළ සිද්ධියක් විය. දැන් කහවලින් රට ස්වයංපෝෂිත නොවේදැයි තමන්ගේ ම හෘදසාක්‍ෂියෙන් විමසා බලන්න. යම් වත්කමක් ඇති අය තමාගේ නිවසේ විදුලි පරිභෝජනය පුනර්ජනනීය විදුලි උත්පාදනයට යොමුකොට රටට ශක්තියක් වී ඇත. අඩුම තරමින් තමාගේ නිවසින් බැහැර කරන කුණු ටිකවත් පිළිවෙළට වර්ග කොට අදාළ පළාත් පාලන ආයතනවලට ලබාදෙන්න. අනවශ්‍ය විදුලි බුබුළක් වත්නිවා දමා විදුලි අර්බුදයෙන් ගොඩ ඒමට උදව්වන්න. වැය වන ජාතික සම්පත් ඉතා අර පිරිමැසුම්ව පාවිච්චි කරමු. රටක සංවර්ධනය එකපුද්ගලයෙකුගේ උර මත තබා අනිත් අය කරබාගෙන සිටී මේ න්‍යායෙන් බැහැර වී සියලූ දෙනා එකතුව අභියෝග ජය ගනිමු.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news