මාධ්‍යවේදියා - 03:08


English English සිංහල සිංහල

 

අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය

වෙනසක තාරුන්‍ය සංවිධානය ඊයේ 11 දින බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී සංවිධානය කල අර්බුදයේ වින්දනය සහ වින්දනයේ අර්බුදය සමකාලීන ටෙලි නාට්‍ය පිලිබඳ කතිකාව

 වෙනසක තාරුන්‍ය සංවිධානයේ ජාතික කමිටු සාමාජික ලහිරු වීරසේකර

මිනිස්සුන්ට මේ නාට්‍ය ඇතුළේ යථාර්ථය හම්බ වෙනවද?

මේ සාකච්ඡාව අපි මීට කලකට ඉහත දී ගන්න හිටපු සාකච්ඡාවක් පහුගිය කාලය පුරාවට බලපාපු වසංගත තත්ත්වය මේ විදිහට එකතු වීම් සිදු කිරීමේ සීමාවක් තිබුණා ඒ සියල්ල මැද්දේ මේ කාර්යය මේ තරම් පස්සට එන්න හේතු වුණා.
 පහුගිය කාලය පුරාම අපි සියලු දෙනාටම යම් විදියට හුදකලා වෙලා ජීවිතය ගත කරන්න වුණා. මොනවා හරි කලා නිර්මාණ ආශ්‍රය කරන්න ලැබිච්ච ප්‍රධාන මාධ්‍යයක් තමයි රූපවාහිනි මාධ්‍ය. ඒ නිසා අපි හිතනවා පහුගිය කාලේ රූපවාහිනි ටෙලි නාට්‍යය වෙනදටත් වඩා මිනිසුන්ට සමීප වුණා.

1996 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ නිකුත් කරපු සඟරාවක් මට හමුවුණා. මෙහි තියෙන ජයන්ත චන්ද්‍රසිරි මහත්තයාගේ සම්මුඛ සාකච්ඡාවක කොටසක් උපුටා දක්වන්න මම කැමතියි. වත්මන් ටෙලි නාට්‍ය කලාව පිළිබඳ මට දීමට ඇත්තේ මෙවැනි පිළිතුරක්. රසඥතාව හීන කරන එක තැන පල් වෙන ටෙලි නාට්‍ය කලාවක්. ටෙලිනාට්‍ය නැමැති මාධ්‍ය අද වන විට ආයෝජකයන් අතට පත් වී හමාරයි.
 අශෝක හඳගම සුදත් දේවප්‍රිය ආරියරත්න ඇතුගල සුදත් මහදිවුල්වැව බර්ට්‍රම් නිහාල් වැනි අතලොස්සක් දෙනා හැරුණු විට ආයෝජකයන්ගේ කොන්දේසි වලට එරෙහිව කොන්දේසි පැනවිය හැකි ශක්තියක් නිර්මාණකරුවන් අත නැහැ.
 අද මගේ නිර්මාණ ප්‍රචාරය වෙද්දී කිසිදු ආයෝජකයෙක් කොන්දේසි පනවන්න ඉදිරිපත් වෙන්නේ නැහැ නමුත් ඔවුන්ට මා කොන්දේසි පනවනවා ඒ ශක්තිය මා හිමිකර ගත්තේ මගේ නිර්මාණයන් මගින්.
 අවුරුදු විසි ගානකට කලින් කතා කරපු අර්බුදය අද කොතනද තියෙන්නේ. සිනමාව වේදිකාව ට වඩා මිනිස්සුන්ට රූපවාහිනිය සමීප වෙලා.
 වෙනදනම් පැය භාගයක් තිබුන රූපවාහිනියේ ඒ තමයි නාට්‍ය පෙන්නන වෙලාව. අද වෙද්දී ඒ ක එතනින් ගොඩාක් එහාට ගිහිල්ලා.
 අද පැය දෙකේ නාට්‍ය බලන අයට තෑගි දෙනවා. මිනිස්සුන්ට මේ නාට්‍ය ඇතුළේ යථාර්ථය හම්බ වෙනවද?

සමහර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක වරු කියන කතාවක් තියෙනවා ඔවුන් පිටපත රචනා කරලා පිටපත අතට අරගෙන සමහර වෙලාවට අවුරුදු ගණන් බලාගෙන ඉඳලා තියෙනවා ගැළපෙන සුදුසු චරිත ටික තෝරගන්න.

 ගොඩක් අය පුරුදු වෙලා තියනවා දැන් යූ   ටියුබ්හරහා නාට්‍ය බලන්න. යූටියුබ් එකට නාට්‍ය දාද්දි කාලයක් තිබුණ වෙළෙඳ දැන්වීම් අයින් කරලා තමයි නාට්‍ය දැම්මේ.
 නමුත් දැන් ගත්තට පස්සේ අතරමැදි වෙළඳ දැන්වීම් කෙටි වෙළඳ දැන්වීම්.
 දැන් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කිරීම් කරන්නේ අර අපි දන්න තනි නිෂ්පාදකයෙක් නෙමෙයි.
 බොහෝ ටෙලි නාට්‍ය නිෂ්පාදන භාර අරගෙන තියෙන්නේ අපේ රටේ පෞද්ගලික රූපවාහිනී නාලිකා සියල්ලම.
 පෞද්ගලික රූපවාහිනී නාලිකා වල ඉන්න හිමිකරුවන් තමයි බොහෝ වෙලාවට මේවට මුදල්යෙ දවීම් කරන්නේ
 නළු නිළියන් තෝරා ගනිද්දී අර කලින් අධ්‍යක්ෂකවරු දරපු වෙහෙස නෑ. අවුරුදු ගණන් බලා ඉන්නවා කියලා ඒක නෑ.
 රියැලටි වැඩසටහන් වලට එන චරිත අරගෙන මේ නාට්‍ය සිද්ධ කරන්නේ.. ඔවුන් නිෂ්පාදනය කරන ටෙලි නාට්‍ය ප්‍රවර්ධනය කරන්න තමයි අනෙකුත් වැඩසටහන් නිෂ්පාදනය වෙන්නෙත්.
 නාට්‍ය කලාවක් හරි මොකක් හරි විදියට තිබුන එක දැන් මාරු වෙලා තියෙන්නේ. ඒක හරියට අර මිනිස්සු සල්ලි දීලා ලෙෂර් වල්ඩ්යනවා පොඩි විනෝදාස්වාදයක් ගන්න.
 අපි හිතනවා කලින් මොකක් හරි විදියට මේ ටෙලි නාට්‍යවලට රසිකයෙක් හිටියනම් දැන් ඉන්නේ පාරිභෝගිකයෙක්.

අපි මේ නාට්‍ය සම්බන්ධයෙන් යම් විචාරයක් කරනවා නේ දැන් මේ කතිකාවත පවා පාවිච්චි වෙන්න පුළුවන් මේ නාට්‍ය ප්‍රවර්ධනය සඳහා.
 එතකොට ඒක එන්නේ අප්සෙට් එකක් විදිහට නෙමෙයි. මේ ටෙලිනාට්‍ය අපට යෝජනා කරන්නේ මොකක්ද?
 අනාගතයේ අපිට ජීවත් වීම සඳහා නුසුදුසු පොළොවක් නිර්මාණය වෙමින් යනවා.. මේ වගේ අර්බුදයක ඉන්නවා.

මෑත කාලයේ ආපු ජාතික දේශපාලනයේ නැගීමත් එක්ක මේ නාට්‍යවල ආපු ප්‍රවණතා සම්බන්ධයි.
 රට ඇතුලෙ දේවල් හදමු රට ඇතුලෙ දේවල් කරමු කියලා යෝජනා ආවා. ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු දැන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා එක පාරක් කිව්වා රට ඇතුළු බලන්න රටේ සම්පත් තියෙනවා අපි නිෂ්පාදනය කර ගමු කියල කියලා අර්බුදය ආවට පස්සෙ එක වෙලාවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් ප්‍රශ්නයක් අහනවා හාල් පිටරටින් ගෙන්වන්න වෙලා තියෙන්නේ ඒකට මොකද කරන්නේ
 හාල් මෙහෙ හදනවා කිව්වනේ සීනි මෙහෙ හදනවා කිව්වනේ
 ඒකට ඔහු දෙන උත්තරය තමයි ලෝකය දෙස බලන්න.

දැනුත් ආණ්ඩුව  මිනිස්සුන්ගෙන් බදු එකතු කරනවා. හැබැයි ඒ අරමුදලින් මේ නිර්මාණ සඳහා යොදවන ප්‍රමාණය කොච්චරද??

 කොවිඩ් වසංගතය වෙලාවේ අර්බුදයට ලක් වෙලා ඉන්න කලාකරුවන් කී දෙනෙක් වෙනුවෙන් ආණ්ඩුවට පුළුවන් උනාද පොදු අරමුදල් යොදවන්න..

සමහර විචාරයන් සමහර නාට්‍ය සම්බන්ධයෙන් කරලා වැඩක් නැහැ. මොකද එතැන නිර්මාණයක් කෙරිලා නෑ නේ.උදේට ලියන පිටපත හවසට පටිගත කරනවා පහුවදාට විකාශයක් කරනවා. එතකොට අපි ඒකෙ මොකක්ද විචාරය කරන්නේ..
 කලා නිර්මාණකරුවන්ට සිද්ධ වෙනවා ඒ ආකෘතියෙ වෙනස්කම් කරන්න. ඒ විචාර වෙනස් කරගන්න අපිට සිද්ධ වෙනවා..
 මේකට සාමූහික ක්‍රියාකාරීත්වයක් ඕනේ. තනි අධ්‍යක්ෂකවරයෙකු ට හරි තනි ටෙලි නාට්‍යය කරුවෙකුට හරි තනි නළුවෙකුට හරි නිළියෙකු ට හරි පිටපත් රචකයෙකුට හරි විචාරකයකුට හරි මේක කරන්න බැහැ.

 අපේ උත්සාහය තියෙන්නෙ යුත් ෆෝ චේ න් ජ් සංවිධානය  විදිහට ඒ සාකච්ඡාව ගොඩනගලා නිකං ඉන්න එක නෙමෙයි. සියලු දෙනා එකතුවෙලා මේ සම්බන්ධයෙන් අවකාශයක් හදන එකයි අපේ බලාපොරොත්තුව.

රංගන ශිල්පී තුසිත ලක්නාත් 

මාසිකව ලැබෙන චෙක් එකට මම කැමතියි. අවසානයක් නැති කතාවක නළුවෙක් ලෙස ලැබෙන වටිනාම දේ නොනවතින අවසානයක් නැති චෙක් ලැබීමයි

කට කැඩිච්ච කතාවක් කිය වෙයි කියලා මම පොඩ්ඩක් ලියාගෙන ආවා. නැත්තං හිතන්නැති අර්බුද ඇති වෙන්න පුළුවන් හින්දා
 අවසානයක් නැති ලෝකයක් ලෙස සෝප් ඔපෙරාව මගේ කතාවේ මාතෘකාව විදිහට දැම්ම මම ඒක

අවසානයක් නැති ලෝකයක් තිබිය හැකි යැයි විමසුවොත් මෙගා නාට්‍ය ප්‍රේක්ෂකයෙක් ගෙන් ඔහු තිබිය හැකි යැයි පිළිතුරු දෙයි.
 මේ මොහොත වන විට සමාජ පරිකල්පනයේ දිශානතිය තීරණය කිරීමේ ඒකාධිකාරිය රූපවාහිනී නාලිකා අතලොස්සක් විසින් හසුරුවමින් පවතිනවා.
 රූපවාහිනිය පැමිණීමට පෙර නිවසේ හුදකලා වූ බිරින්දෑවරුන්ගේ හුදෙකලා ව තුරන් කිරීමට විනෝදාස්වාදය ඇතිකළේ මේ ගුවන් විදුලි සෝප් ඔපෙරා වයි.
 නොයෙක් නමින් හඳුනා ගන්න උත්සාහ කළත් ලාංකීය මධ්‍යම පන්තිය මෙගා යන්නෙන් හඳුනාගන්නේ මගේ කතාව යනුවෙන්. 80 දශකයෙන් පස්සෙ ආසියාතික කලාපයට සෝප් ඔපෙරාව එහෙම නැත්නම් මෙගා නාට්‍ය ආගමනය සමගම සෝප් ඔපෙරාව ට ආසියාතික හැඩයක් එක්වෙනවා.
 ඒකට මූලිකම හේතුව වෙන්නේ බටහිරට සමාන කළ නොහැකි ආ සියා තික ප්‍රබන්ධ කලාවක් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ පෝෂණය වී තිබීමයි.
 2000 2015 අතර කාලය තුළ ඉන්දියාවේ නාට්‍ය වලින් ලංකාවේ රංදෙපැය රාත්‍රී හතේ සිට රාත්‍රී 9 දක්වා සියළුම රූපවාහිනී නාලිකා ආක්‍රමණය කළ වග ඔබට මතක ඇති. ඒ මෙගා ස්වර්ණමය යුගයයි.

වැඩි කාල ප්‍රමාණයක් තුල්සි ඇතුළු ඉන්දියානු සුරුපිනියන් ට හිමි වූ අතර බට්ටි සහ පබා අතර ද්වන්ධ සටනකින් පබා පාර්ලිමේන්තු ගිය අතර මා දන්නා හැටියට තුල්සිට ද ඉන්දියානු ලෝ ග්ස භාව නියෝජනය කිරීමට හැකි වුණා .
 ඉන්දියානු ටෙලිනාට්‍ය විකාශය කිරීම අවම කිරීමට ලාංකීය ටෙලි කලා කරුවෝ බොක්කෙන්ම මැදිහත් වුණු අතර, විශාල බදු මුදලක් ඉන්දියානු හෝ විදෙස් ටෙලි නාට්‍ය විකාශය කරන රූපවාහිනි ආයතන වලින් අ ය කර ගැනීමට නීති සම්පාදනය කළා
 මං හිතන්නේ අද වෙනකොට සෑහෙන මුදල් ප්‍රමාණයක් එකතු වෙලා ඇති කියලා හිතන්න පුළුවන්.
 එහෙම මුදල් එකතු වෙලා තියෙනවා නම් අදින් පස්සේ එන යෝජනා ඉටුකර ගන්න අදාල අමාත්‍යාංශයට හැකි වෙයි ඒ මුදල් තියෙනවා නම්.

යහපාලන පාලනය අවසානය වන විට පාසැල් ඇඳුමින් ප්‍රේම කරන සෝප්ඔපෙරා බහුල වීමත් නාගරික මධ්‍යම පාන්තික ප්‍රේම කතා ඕලාරික වීමත් දේශීයත්වය ගෝඨාභය රාජපක්ෂ යුගය ඇරඹීමත් හන්දි වල රට හදන සාකච්ඡාවේ සිටි අලුත් ඡන්ද දායකයන්  බිත්ති පින්තාරු කරන සිත්තරුන් බවට පත්වීම පසෙකින් සිදුවෙද්දී නාඩගම් කාරයෝ මූලික කරගත් ස්වර්ණවාහිනිය දෙරණ සහ හිරු ටීවී එකට අභියෝග කරමින් නැවත ගොඩ නැගෙන්න වුනා.

කර්මාන්තයේ අර්බුදය අද දවසේ මාතෘකාවට අදාළ නොවන බව ඔබට සිතෙන්න පුළුවන්. නමුත් කලාවේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටිනවාට වඩා මට වඩා සමීප වන්නේ මේ කර්මාන්තයේ කොටස්කරුවෙකු විදිහට කර්මාන්තයේ අර්බුදය වෙනුවෙන් පෙනී සිටීමයි.
 කැමති වුණත් නැතත් මාසිකව ලැබෙන චෙක් එකට මම කැමතියි. අවසානයක් නැති කතාවක නළුවෙක් ලෙස ලැබෙන වටිනාම දේ නොනවතින අවසානයක් නැති චෙක් ලැබීමයි.
 රූපවාහිනී ආයතනය අදාල සෝප් ඔපෙරාව ලබන ලාබයෙන් සීයට හතළිහක් වත් නිර්මාණ අධ්‍යක්ෂකට ලැබෙනවා නම් මං පුද්ගලිකව කැමතියි.

මෙගා රචකයා මට අනුව නම් මෙගා ජීවිතයක් සිහිනයෙන් දකින ඒ සිහින යේම ගොදුරක්ව අවුරුදු පහකට පසුව තමන්ට තමාව වත් නැතිවන පුද්ගලයෙක් වෙයි.

ඕනෑම මෙගා රචකයෙක් ගේ උපයෝගීතාව පවතින්නේ අවුරුදු පහයි. ඊට වඩා එක දවසක් හරි ඔහුගේ නිර්මාණශීලීත්වය පවතිනවා නම් එය ප්‍රාතිහාර්යක්.. සෝප් ඔපෙරාව ට මම විරුද්ධ වෙන්නෙ නෑ. අශෝක හඳගමයන්ගේ සින්තටික් සිහින ටෙලිනාට්‍යයේ පොතේ  පෙරවදන ඇති කතාව මම කියන්නම් සින්තටික් සිහින ලාංකීය ටෙලිවිෂනය තුළ ගෞරවනීය ලෙස විකාශනය කෙරුණු අවසාන ප්‍රාසාංගික ටෙලි වෘතාන්තයයි.
 වෙනස් මානයක් වෙනස් ඉසව්වක දුර ගමනක් යන්නට පටන් ගත්තා. පටන් ගත්ත තැන ම ඒ ගමන නවතා දමන්නට සිදුවුණා.
 රූපවාහිනිය කලා භාවිතයක් ලෙස අත්හදා බලන්නට ගත් අවංක උත්සාහය පරාජිත ලෙස අවසන් කරන්නට බල කෙරුනේ සින්තටික් සිහිනය ට පස්සේ අශෝක හඳගම
 අද පවතින ටෙලි නාට්‍ය කර්මාන්තය අර්බුදය එදා හඳගමයන් කිව්වේ ඒ විදියට

සිනමා විචාරක භූපති නලීන්

චිත්‍රපටි සඟරාවේ තියනවා මම දැක්කා අන්දමන්ද දූපත් වලිනුත් සම්මානයක් ලැබිලා තියෙනවා කියලා. ඇත්තටම විහිලුවට නෙමෙයි.
 මේ පාර චිත්‍රපටි සඟරාව අරගෙන බලන්න

ලංකාවේ යන නාට්‍ය ඔක්කොම බලලා නෙමෙයි අපි කතා කරන්නේ. ලංකාවේ ප්‍රසිද්ධම චැනල් හතක් විතර තියෙනවා.  සතියකට ප්‍රධාන ටීවී චැනල් වල නාට්‍ය 45ක් විතර යනවා.. නාට්‍ය විචාරකයෝ හැදෙන්න බැහැ
 කේබල්    ටී වී නාලිකාවල පැය 24 ම නාට්‍යය යන චැනල් තියෙනවා.
 අවාසනාවකට මට කලින් කතා කරපු දේශපාලන පක්ෂයක් නියෝජනය කරන සහෝදරයා ඇතුළු බොහෝ දෙනෙකුට තවමත් තියෙනවා පැරණි රොමැන්ටික්  නිර්ණායක.

ලහිරුගෙ ඒව මම ලියා ගත්තා  එයාට තියෙනවා විචාරය කළ යුතු නාට්‍ය සහ නැති නාට්‍ය. මම අහන්න කැමතියි ලහිරුට කලාව පිළිබඳ තියෙන නිර්ණායක මොනවාද
 ඒකට එන්න බෑනේ ගුඩ්  ආ ට් බෑඩ් ආ ට්ගැ න අදහසක් නැත්නම්. උදේට චිත්‍ර ඇ න්ද හවසට පෙන්නුවා එතකොට ඒක අවුල්ද
 මම අහලා තියෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් ආදරයේ උල්පත වූ අම්මා ලිව්වෙ හොස්පිට්ල් එකේ මේක උඩ ඉඳලා කියලා ඒකත් අවුල්ද
 උදේ ලිව්ව එක ද අවුල
 ඇඩ්වටිස්මන්ට් අවුල් වගේ මේක හරි පරණයි.

ලංකාවේ ටෙලිනාට්‍ය වල නෑ ජාත්‍යන්තර සම්මාන අසනීපෙ. චිත්‍රපටි සඟරාවේ තියනවා මම දැක්කා අන්දමන්ද දූපත් වලිනුත් සම්මානයක් ලැබිලා තියෙනවා කියලා. ඇත්තටම විහිලුවට නෙමෙයි.
 මේ පාර චිත්‍රපටි සඟරාව අරගෙන බලන්න. ලෝකේ නම් කරපු සිනමා උළෙලවල් 400ක් විතර තියෙනවා. නම් නැති ඒව ගාන ගනින්න බෑ. ලන්ඩන් වගේ සිටි එකක මම දන්න තරමින් ෆෙස්ටිවල් තිස් ගණන් තියෙනවා.

තුසිත කියපු එක දේකට මම එකඟ නෑ. අපි හිතනවා ජාතිකවාදී කලාවට විශාල බලයක් තියනවා කියලා. ඇත්තටම නෑ රාවණ සීරියස් එක ඇ යි නැවතුනේ
 ජාතිය යටයි සම්තින් එකට. දෙවෙනි ඉනිම තුසිත රඟපානවා නේ ඒකෙ රේටින්ස් තියෙනවා.
 අපි දෙරණ චැනල් එක ගමු එක පැත්තකින් ජාතිකවාදී අනිත් අතින් දෙවැනි ඉනිම තියෙන්නෙ කොහොමද  
 අද මගේ මාතෘකාව දාගත්තෙ බාල මහත්තයා  වෙනුවට ජෙහාන් ගේ ලෝකය.
 ජෙහාන් කියන්නේ අම්බ තක්කඩියෙක්. අපිත් ජෙහාන් ලා..
 මං දැකලා තියෙනවා ආඩම්බරෙන් නෝනා මහත්තයාලා ඇවිල්ලා කියනවා අජින මොටෝ දාන්න එපා කෑමට හෙන සයන් ටික් වගේ.
 දන්නවද තෙල් මොනවද කියලා?

මෙතන තමා ප්‍රශ්නේ තියෙන්නේ කියලා කෑල්ලක් ගන්න එක ලේසියි නේ. ගෝඨාභය රාජපක්ෂ තමා ප්‍රශ්නේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහගේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ
 මං නං හරි කැමති 2025 අනුර කුමාර දිනනවට.. මාස තුනයි.
 කවුරුත් නාට්‍ය සිරා ගන්නේ නෑ. තවදුරටත් කලාවෙන් ජීවිතයට අන්තර් සම්බන්ධතාවයක් නැහැ. අපි නිකං බලන් ඉන්නවා. ඇට්ලස් චූටි පෑන ගත්තට ජීවිතේ වෙනස් වෙන්නේ නෑනේ.

 කවුරුත් යනවද වැඩ නවත්තගෙන නාට්‍ය බලන්න නෑ.   මිස් උනොත්    යූටියුබ් එකේ බලනවා.
 ලහිරු කතා කරද්දි තුසිත මගෙන් ඇහුවා, ඇඩ් නරකයිද බං, මාකටින් නරකයිද බං කිව්වා. කාල වරෙන්කො. දැන් මන් නරකයි කිව්වයි කියලා තේරුමක් තියනවද.
 දැන් මේකත් කැම්පේන් කලා නේ. මේ වැඩසටහන මමත් කැම්පේන් කළා.

 ඔයගොල්ලන්ගේ ජීවිතේ කලාවෙන් තවදුරටත් අඟලක් වත් වෙනස් වෙනවද නැත.
 ලහිරු නෙමෙයි සමාජය ගැන කිව්වේ තුසිත.

මම විවේචනයකට ගියා නාඩගං කාරයෝ. කොටස් එකසිය හතලිස් ගානක් බැලුවා මං මං හිතන්නේ කරපු මිනිස්සුවත් බලනවද දන්නේ නෑ.. ජැක්සන් ඇන්තනීගේ පුතාගේ ඇස් උඩ ගියා. මට ෂුවර් මිනිහවත් බලලා නෑ. සජිත යට කොහෙද ඕවා බලන්න වෙලාවක් තියෙන්නේ

රංගන ශිල්පී ප්‍රියංකර රත්නායක 

මම ටෙලිනාට්‍ය වලට සම්බන්ධයි. රට විශාල අර්බුදයකට ගිහිල්ලා ගෑස් ටැංකි පිපිරෙනවා පෝර පිපිරෙනවා හැබැයි මෙතනට මේ රට ගෙනාපු බලවේගවලින් එකක් තමයි මාධ්‍ය.
 ලෝකය වෙනස් කරන්න මැදිහත් වෙච්ච බලවේග තියෙනවා අතීතයේදී කලාකරුවා ගුරුවරයා ආගම
 අපි ජීවත් වෙන සියවසේ හතරවෙනි එක මාධ්‍ය. දේශපාලන බලය තියෙන ව්‍යාපාරික ප්‍රජාව මේක් අල්ලගන්නවා.
 ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගෙ පැවැත්ම සඳහා සුදුසු දේශපාලන ව්‍යාපාරය ගොඩනැගීම සඳහා මාධ්‍ය පාවිච්චි කරනවා.
 මම පෞද්ගලිකව විශ්වාස කරනවා මම විකිණෙනවා නම් ටිකක් වැඩි මිලකට විකිණෙන්නේ. ඒක හැමෝටම කරන්න බෑ. මට ඕන නම් එතැන නො විකිණී ඉන්න පුළුවන්
 මට මාසෙකට සැරයක් ජීවත් වෙන්න සුදුසු පඩියක් හම්බවෙන නිසා.

ඒක මගේ මිතුරන්ට කරන්න බෑ ඒක ඒගොල්ලන්ට කරන්න බැරිනම් මේක කුණු වෙලා තියෙන්නෙ ඇතුලෙන් නම්  ඒගොල්ලො  වෙනස් නොවී කොහොමද මේක වෙනස් කරන්නේ
 ටෙලිනාට්‍යවල හදන ඒ වලින් 90% ක විතර කරන්නේ ඇතුළෙ භාණ්ඩ විකුණන එක.

මම උසස් පෙළට කළේ සිංහල අනිවාර්යෙන් භාෂාවක් තෝර ගන්න ඕනේ. මම විශ්ව විද්‍යාලයට ගියාම පළවෙනි වසරේදී භාෂාවක් තෝරා ගන්න ඕනේ. මේක සම්පූර්ණයෙන් අයින් කරනවනේ 78 පස්සේ. භාෂාවක් අයින් කරපුහාම මට නැති වෙන්නේ සිංහලකම නෙමෙයි.
 මගේ ඉතිහාසය කියවගන්න මගේ වර්තමානය කියවගන්න මගේ අනාගතය කියවගන්න භාෂා ඥානය මට නැති වෙනවා. ඒ භාෂා ඥානය නැති වීමේ ප්‍රතිඵලය නෙමෙයිද අර ප්‍රවෘත්ති වල දකින්නේ. හොඳ චිත්‍රපටියක් කියන්නේ කියවන එකක් බලන එකක් නෙමෙයි
 බලන්නේ උඩ තලය කියවන්න ඒක ඇතුලට යන්න ඕනේ .. ඇතුළට යන්න නම් භාෂාවක් දැනගෙන ඉන්න ඕනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
Related news