Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවෙනවා

ආදායම සාධාරණ ලෙස බෙදීයන, දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ආසියානු රටවලින් ඉල්ලා සිටිනවා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික...
HomeNewsපුංචි කාරයෙන් ලොව වටා ගිය මිතුරන් දෙදෙනා අවාසනාවන්ත ලෙස මෙලොව හැර යයි

පුංචි කාරයෙන් ලොව වටා ගිය මිතුරන් දෙදෙනා අවාසනාවන්ත ලෙස මෙලොව හැර යයි

ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවදානය දිනාගෙන සිටි මිතුරන් දෙදෙනෙක් ලෝකය වටා යන අතර මඟ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බ්‍රසීලියානු ජාතික ජෙසී කෝස් සහ ඔහුගේ ආදරණීය සුරතලා වන ෂුරාස්ටේ නමැති සුනඛයායි.

මොවුන් දෙදෙනා මෙලෙස අවාසනාවන්ත අයුරින් මෙලොව හැර යාම සම්බන්ධයෙන් මේ වනවිටත් සමාජ මාධ්‍යවල දැඩි කතාබහක් මතුව තිබෙනවා.

තමන්ගේ පැරණි මෝටර් රථය භාවිත කරමින් විවිධ රටවල්වල සංචාරය කිරීම විනෝදාංශය කරගත් ජෙසී කෝස් සිය සුරතලා සමඟ 2017 වසරේදී ලෝක සවාරිය ආරම්භ කළා.

එම ලෝක සවාරිය අතරතුර පසුගිය 25 වැනිදා ඇලස්කාවේ සංචාරය කරමින් සිටියදී ඔවුන් දෙදෙනා ගමන්ගත් මෝටර් රථය හදිසි රිය අනතුරකට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම මිතුරන් දෙදෙනා ඒ වනවිටත් රටවල් 16 කට වැඩි ප්‍රමාණයක සංචාරය කර තිබූ අතර ජෙසීගේ සමාජ මාධ්‍ය තුළ අනුගාමිකයින් විශාල පිරිසක් මොවුන් වටා එක්ව සිටියා.