Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

පළාත් රැසකට අද පස්වරුවේ තද වැසි

අද (29) පස්වරුවේ බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක්...
HomeNewsඅසනීපයෙන් පසුවන විශ්‍රාමිකයින්ට රජයෙන් සහනයක්

අසනීපයෙන් පසුවන විශ්‍රාමිකයින්ට රජයෙන් සහනයක්

රෝහල්ගත වී සිටින, දරුණු අසනීප තත්ත්වයන්ට ගොදුරු වී සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේදී විශේෂ මැදිහත්වීමක් කිරීමට තමන් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

විශ්‍රාමිකයන්ගේ අයිතිවාසිකම් සහ ලැබිය යුතු සහනයන් පිළිබඳ සොයාබලා, දැනට ඉටු නොවන කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් තුන් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත් කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම කැලණියේ පිහිටි විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම නිකේතනය පරික්ෂා කිරීමටද තමන් එහි ගිය බව පැවසූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියාසිටියේ එයින් ලබාගත යුතු ප්‍රයෝජනය හරියාකාරව ලබා නොගන්නා බවයි.

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මධුර විතානගේ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ගෙවීම් කිරීමේදී දරුණු ලෙඩ රෝගවලට ගොදුරුව සිටින විශ්‍රාමිකයන්ට ප්‍රමුඛතාවය ලබාදිය හැකිදැයි මධුර විතානගේ මන්ත්‍රීවරයා අතුරු ප්‍රශ්නය නැගූ අවස්ථාවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

ඔව්. ඉතාම වැදගත්. වහාම ඒ පිළිබඳව අපි මැදිහත් වෙන්නන් මන්ත්‍රීතුමා. දැනට තිබුණු මූල්‍ය අර්බුදය නිසා විශ්‍රාමික ගෙවීම සම්පූර්ණ කිරීමට හැකි වෙයි කියලා අප විශ්වාස කරනවා මේ මාසේ. ඒ පිළිබඳ ණය ගැනීමක් හරි කරලා ඔබතුමා ඉල්ලපු හදිසි තත්ත්වය, රෝහල් ගතව ඉන්න අය ගැන විශේෂ මැදිහත්වීමක් කිරීමට මම උපදෙස් දෙන්නම්.