13.2 C
London
Friday, March 24, 2023

IMF ණය ලබාගැනීම සඳහා ඇමරිකාවේ සහයෝගය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තවදුරටත් අවශ්‍ය වන සහයෝගය පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ඇමෙරිකානු තානාපතිනි ජූලි චංග් හා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර හමුවක් අද මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වුනා.

රටෙහි මූල්‍ය ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒවායේ කෙටිකාලීන මෙන්ම දිගුකාලීන බලපෑම පිළිබඳව ද සාකච්ඡා කෙරැනු අතර ශක්තිමත් ආර්ථික ස්ථාවරත්වයක් කරා රට ගෙන යාමට සියළුම කටයුතු සූදානම් බවත් ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශක්තිමත් අඩිතාලමක් සකස් කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන ඇති පියවර හා සිදු කර ඇති අපහසු ප්‍රතිසංස්කරණයන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකානු තානාපතිනිය ප්‍රකාශ කළේ, රටක් වශයෙන් ඒකීයව කටයුතු කිරීම අගය කළ යුතු බවයි.

එමෙන්ම රජයේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් අනෙකුත් රටවල් වල විශ්වසනීයත්වය තවදුරටත් තහවුරු වෙමින් පවතින බවත් ඒ අනුව සියළු රටවල සහයෝගය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම කඩිනම් වනු ඇති බවත් තානාපතිනිය මෙහි දී සඳහන් කළා.

ඒ අනුව ජාත්‍යන්තර ණය හිමියන්ගේ සුබවාදී තීරණ හමුවේ ශ්‍රී ලංකාව වඩාත් ස්ථිරසාර ආර්ථිකයක් ඉතාම ඉක්මනින් ළඟා කරගනු ඇති බවද ඊට අවශ්‍ය සෑම සහයෝගයක්ම ඇමෙරිකානු රජය විසින් තවදුරටත් ලබා දෙන බව ද තානාපතිනිය මෙහිදී ප්‍රකාශ කළා.

Latest

දියර බිත්තර ගෙනල්ලා බිත්තර ආප්ප දමන්නේ කොහොමද ? – රෝහණ බණ්ඩාර

ආණ්ඩුව දියර බිත්තර ගෙන ඒමට සූදානම් වන්නේ යැයි සමගි...

පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයින් විවිධ විමර්ශනවලට පිටතට රැගෙන යන...

භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීම ඇරඹෙයි

1 වසරේ සිට භාවිතය මගින් ඉංග්‍රීසි ඉගැන්වීමේ නව අධ්‍යාපන...

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ...

Don't miss

දියර බිත්තර ගෙනල්ලා බිත්තර ආප්ප දමන්නේ කොහොමද ? – රෝහණ බණ්ඩාර

ආණ්ඩුව දියර බිත්තර ගෙන ඒමට සූදානම් වන්නේ යැයි සමගි...

රට බංකොලොත් බවින් මිදීම ගැන සියලු ජනතාව සතුටු විය යුතුයි – කබීර් හෂීම්

බංකොලොත් භාවයෙන් ගොඩගිය රටක් බවට දැන් දැනෙන්නට පටන් ගෙන...

IMF මුදලින් ඉන්දීය ණයෙන් කොටසක් ගෙව්වා – රංජිත් සියඹලාපිටිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබුණු විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු...

ඡන්දෙට සල්ලි දෙනවද නැද්ද කියලා එක වචනෙකින් උත්තර දෙන්න

ඡන්දෙට සල්ලි දෙනවද? නැද්ද? කියා එක වචනෙකින් උත්තර දෙන්නැයි...

අපිට බේරේ වැවේ වුණත් මැයි දිනය සමරන්න පුළුවන් – ජොන්ස්ටන්

බේරේ වැව මතුපිට වේදිකාවක වුවද තම පක්ෂයට මැයි දින...

තමා සම්බන්ධයෙන් පැතිර යන පුවතකට ධනංජයගෙන් පිළිතුරු

තමා අංක 7 ස්ථානයේ පිතිකරණයේ නිරත වීම ප්‍රතික්ෂේප කළ බවට පැතිර යන පුවත අසත්‍ය බවට ධනංජය ද සිල්වා පවසනවා. සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක්...

බිල නොගෙවූ ආගමන හා විගමන ප්‍රාදේශීය කාර්යාලයක ලයිට් කපයි

විදුලි බිල නොගෙවීම හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කුරුණෑගල පිහිටි කාර්යාලයේ අද (24) විදුලිය විසන්ධි කර තිබේ. අලුයම් කාලයේ සිට පෝලිම්වල රැඳීසිටි ජනතාව මේ හේතුවෙන්...

අගමැති මැතිවරණ කොමිසම කැඳවයි

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (24) පාර්ලිමේන්තුවේදී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here