10.2 C
London
Friday, March 31, 2023

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය සාමය සහ ආරක්ෂාව පිළිබඳ ප්‍රතිපත්තියට පාකිස්ථාන සහාය

පාකිස්ථාන නාවික හමුදාපති අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් නියාසි මහතා 2023.02.27 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවිය.

සන්නද්ධ ගැටුම් පැවති සමයේ මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදී ද ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා එහිදී පාකිස්ථානයට සිය ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර සමුද්‍රීය ක්‍රියාකාරකම් තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම සඳහා දෙරට අතර සමුද්‍ර කලාපීය සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව ද ඔහු අවධාරණය කළේ ය.

ජාත්‍යන්තර මුහුදු මාර්ගවලට ආසන්නව පිහිටා ඇති සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් වන ශ්‍රී ලංකාව සමුද්‍රීය සාමය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳව අග්‍රාමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. සාගර ආරක්ෂාව සහ සාමය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තියට තම රට පූර්ණ සහයෝගය ලබා දෙන බව පාකිස්ථාන නාවික හමුදාපතිවරයා අවධාරණය කරනු ලැබීය.දෙරටේ ත්‍රිවිධ හමුදා අතර පවතින ශක්තිමත් සබඳතාව ගැන සඳහන් කළ නාවික හමුදාපතිවරයා කියා සිටියේ තම රට ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට පුහුණු අවස්ථා ලබා දීම අඛණ්ඩව සිදු කරන බවයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධන, පාකිස්ථාන ආරක්ෂක උපදේශක මේජර් ජෙනරාල් උමාර් ෆාරුක් බක්රි, පාකිස්ථාන නාවික හමුදාවේ අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ රියර් අද්මිරාල් එන්. එම්. ජේ. ඩී නිශ්ශංක යන මහත්වරු එක්ව සිටියහ

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක්...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here