10.2 C
London
Friday, March 31, 2023

අනියම් පෙම්වතා සමඟ පැනගිය බිරිඳගෙන් පළිගන්න අනියම් පෙම්වතාගේ බිරිඳ සමඟ විවාහ වූ සැමියා

විවාහක බිරිඳ වෙනත් පුද්ගලයෙකු සමඟ පැනගිය පසු සැමියා විසින් සිය බිරිඳ රැගෙන ගිය පුද්ගලයාගේ බිරිඳ සමඟ විවාහ වී පළිගැනීමේ සිදුවීමක් එන්.ඩී.ටී.වී. පුවත් සේවය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඛගාරියා ප්‍රදේශයේ මෙම සිදුවීම සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

රූබී දේවි නම් කාන්තාවක් 2009 වසරේ දී නීරාජ් නම් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, ඔවුන්ට මේ වනවිට දරුවන් සිව්දෙනෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.

නීරාජ්ගේ බිරිඳ රූබී දේවි, මුකේෂ් නැමති පුද්ගලයෙකු සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා 2022 පෙබරවාරි මාසයේ දී හොර රහසේ පැනගොස් විවාහ වී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව තම බිරිඳව එලෙස හොර රහසේ රැගෙන ගොස් විවාහ කරගැනීම සම්බන්ධයෙන් නීරාජ් විසින් මුකේෂ් නැමැත්තාට එරෙහිව පොලිස් පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

මුකේෂ් නැමැත්තා ද විවාහකයෙකු වන අතර, ඔහුට දරුවන් දෙදෙනෙක් සිටින බවයි එහිදී අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් නීරාජ් නැමැත්තා මුකේෂ් සහ පළාගිය සිය බිරිඳගෙන් පළිගැනීම සඳහා මුකේෂ්ගේ බිරිඳ සමඟ මෙම වසරේ පෙබරවාරි මාසයේ දී විවාහ වී ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

තම බිරිඳ ඇගේ පෙම්වතා සමඟ පලා ගියා, ඊට පළිගැනීමක් ලෙස තමන් පෙම්වතාගේ බිරිඳ සමඟ විවාහ වූ බව නීරාජ් පවසා තිබෙනවා.

Latest

අඩු ආදායම්ලාභීන්ට රජයෙන් තවත් මාස දෙකකට සහල්

මෙරට අඩු අදායම්ලාභී පවුල්වලට තවත් අමතර මාස දෙකක කාලයක්...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

මැල්සිරිපුර ගොවීන් 3000කට සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා...

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා වහලක් උඩට යැවූ යතුරුපැදි අනතුර

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ යතුරුපැදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here