10.2 C
London
Friday, March 31, 2023

ලොව විශාලතම මගී ගුවන් යානය යළිත් කටුනායකට

ලෝකයේ විශාලතම මගී ගුවන් යානය වන එයා බස් A- 380 – 800 වර්ගයේ ගුවන් යානය තුන් වන වරටත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද අලුයම පැමිණ තිබෙනවා.

එමිරේට්ස් ගුවන් සේවය සතු EK- 449 දරන මෙම ගුවන් යානය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සිට ඩුබායි වෙත ගමන් ගන්නා අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා යි අද අලුයම 3.10ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණේ.

මෙම විශාලතම මගී ගුවන් යානය කොරෝනා වසංගතයට පෙර, එනම් 2019 වසරේ දීත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

අද අලුයම පැමිණි ගුවන් යානය තුළ මගීන් 413 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 29 දෙනෙකු සිටි අතර ඔවුන් කිසිවෙකුත් ගුවන් යානයෙන් පිටතට පැමිණ නැහැ.

ඩුබායි ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ මේ දිනවල පවතින මීදුම් සහිත අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මෙම ගුවන් යානයට එකවරම ඩුබායි ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට අපහසු වුවහොත්, එම ගුවන් තොටුපළ අහසෙහි වට කිහිපයක් ගමන් කිරීමට අවශ්‍ය ඉන්ධන මෙලෙස කටුනායක ගුවන් තොටුපළෙන් ලබා ගැනීමට ගුවන් නියමුවන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් රුපියල් එක් කෝටි හැට අට ලක්ෂයක් වටිනා ජෙට් ඒ-1 වර්ගයේ ඉන්ධන ලීටර් 62,800ක් මෙම ගුවන් යානයට ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

මේ සදහා පැය 01 යි විනාඩි 40ක කාලයක් ගත වී තිබූ අතර, A 380 ගුවන් යානය ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව අද අලුයම 04.50ට කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

Latest

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

මැල්සිරිපුර ගොවීන් 3000කට සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා...

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා වහලක් උඩට යැවූ යතුරුපැදි අනතුර

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ යතුරුපැදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here