10.2 C
London
Friday, March 31, 2023

ස්වාධීන කොමිෂන් සභාවලට නව සාමාජිකයන් පත් කිරීම තවත් කල් යන ලකුණු

ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා.

ස්වාධීන කොමිෂන් සභාවල සාමාජිකයන් වීමට සුදුසුකම් ලත් සාමාජිකයින්ගෙන් අයදුම්පත් භාර ගැනීම පෙබරවාරි 15 වැනිදායින් අවසන් වුණා.

ජාතික මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් පසුගිය මාසයේ දී යි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අයදුම්පත් කැඳවනු ලැබුවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41B වගන්තියේ උපලේඛනයේ දක්වා ඇති විධිවිධාන යටතේ මෙම පත්වීම් සිදු කරනු ලබනවා.

පුවත්පත්වල ද අදාළ දැන්වීම් පළකර තිබුණා.

අයදුම්පත් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වීම, නුසුදුස්සන් විසින් අයදුම්පත් ඉදිරිපත් කිරීම සහ ඇතැම් අවස්ථාවල කොමිෂන් සභා එකකට වඩා සාමාජිකයන් වීමට ඇතැම් පුද්ගලයන් ඉල්ලුම් කර තිබීම හේතුවෙන් තේරීම් ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වැනි සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු සියලු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීම වෙනුවෙන් අයදුම්පත් කැඳවීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කළා.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ද යළි පිහිටු වීමට පියවර ගැනුණා.

ඒ අනුව කවුන්සිලය විසින් ස්වාධීන කොමිෂන් සභාවට නව සාමාජිකයින් පත් කළ යුතු අතර පත්කිරීම අවසන් වන තුරු දැනට සිටින සාමාජිකයින් අන්තර්වාර පදනම මත ක්‍රියා කරනු ඇති.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක්...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here