Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
Homeworldඇෆ්ගනිස්ථානයේ දික්කසාද වූ කාන්තාවන්ට එරෙහිව තලේබාන්වරුන්ගෙන් දැඩි තීරණයක්

ඇෆ්ගනිස්ථානයේ දික්කසාද වූ කාන්තාවන්ට එරෙහිව තලේබාන්වරුන්ගෙන් දැඩි තීරණයක්

2021දී තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට එරෙහිව දැඩි තහංචි පනවන ලදී.

මේ වන විට දික්කසාද වූ කාන්තාවන්ට නැවතත් තම ස්වාමිපුරුෂයා සමඟ ජීවත් වීමට බල කෙරෙන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ. මෙම තීරණයත් සමඟ කාන්තාවන් අතර දැඩි විරෝධයක් මතුව ඇති බවයි වාර්තා වන්නේ.

එසේ තිබියදීත් බලහත්කාරයෙන් දික්කසාද වූ සැමියන් සමඟ ජීවත් වන කාන්තාවන් ලිංගික අතවරවලට ලක්වී දත් කැඩී ගිය අවස්ථාද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ගොනු කළද තලේබාන් පාලනය යටතේ තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවට ඇෆ්ගන් කාන්තාවන් චෝදනා නගති.