10.2 C
London
Friday, March 31, 2023

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා.

‘ඇය දැයේ අභිමානයයි’ යන්න මෙවර කාන්තා දිනයේ තේමාවයි.

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මෙරට පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උළෙල ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේදී අද (08) පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

මේ අතර ගැහැණු සහ පිරිමි සමානත්වයට තවත් වසර 300ක් පමණ ගතවෙනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ජාත්‍යන්තර කාන්තා දින වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත් වූ පාගමනක් හේතුවෙන්.

ඉන් වසරකට පසු පළමු ජාතික කාන්තා දිනය ප්‍රකාශයට පත් කරන ලද්දේ ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් වීම විශේෂත්වයක්. මෙම දිනය ජාත්‍යන්තර දිනයක් බවට පත් කළ යුතු යැයි පළමුවරට අදහස් පළ කළේ ක්ලාරා සෙට්කින් නමැති කාන්තාවක් වන අතර ඇය මෙම අදහස යෝජනා කළේ, 1910දී කෝපන්හේගන් හි පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදීයි.

එම සමුළුවට රටවල් 17ක කාන්තාවන් 100 දෙනෙකු සහභාගි වූ අතර එහිදී ඇයගේ යෝජනාව ඒකමතිකව සම්මත වුණා. එතැන් සිට අද දක්වා ලෝකයේ බහුතරයක් රවවල් සෑම වසරකම මාර්තු මස 08 වනදා ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා.

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු මට්ටමක පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ (30) කැරට් කිලෝවක්...

වැල්ලවායේදී ලක්ෂ 40ක ගංජා පොලිස් භාරයට

වැල්ලවාය කුරුගම මහතැන්න රක්ෂිතයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ ගංජා ජාවාරමක් අනාවරණය කර ගැනීමට වැල්ලවාය දුෂණ මර්ධන පොලිසිය සමත්වුණා. මෙහිදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ වියළි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here