10.2 C
London
Friday, March 31, 2023

කුඹුරු ඉඩම් ගොඩ කිරීම ගැන තීරණයක්

කුඹුරු ඉඩම් ගොඩ කිරීම අමාත්‍යාංශයේ විශේෂ අවසරය මත පමණක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී පැවති කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී කුඹුරු ඉඩම් ගොඩකිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් අවධානයට යොමු කළ අවස්ථාවේ දීයි අමාත්‍යවරයා මේ බව දැනුම් දුන්නේ.

එසේම මීළඟ යල කන්නය සාර්ථක කර ගැනීම සදහා පොහොර ඇතුළු අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙන බවට අමාත්‍යවරයා සහතික වී තිබෙනවා.

මේ අනුව මීළඟ කන්නය සදහා මඩ පොහොර සම්පූර්ණයෙන් නොමිලේ ලබා දෙන බවත් යූරියා රුපියල් 10000 ක් හෝ ඊට අඩු මුදලකටත්, බන්ඩි පොහොර දැනට පවතින මිල ගණන්වලට වඩා අඩු මුදලකටත් ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා.

එසේම ‍රුපියල ශක්තිමත් වීම තුළ එහි වාසිය ද ගොවියාට හිමිවන අතර ගොවිතැන සඳහා වියදම හැකිතාක් අඩු කිරීමට රජය උපරිම මැදිහත් වන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත සත්ව සුබසාධන පනත් කෙටුම්පත පිළිබඳව ද කාරක සභාවේදී අවධානය යොමු වුණා.

මෙම කෙටුම්පතෙහි අවශ්‍යතාව පිළිබඳව නීතිඥ ලලනි එස් පෙරේරා මහත්මිය ඇතුළු ආරාධිතයන් පිරිසක් විසින් මෙහිදී අදහස් දක්වනු ලැබුවා.

ඔවුන් පෙන්වා දුන්නේ සත්ව සුබසාධනය සඳහා දැනට මෙරට පවතින නීතිය ඉතා පැරණි වන අතර එය ප්‍රමාණවත් නොවන බවයි. දැනට මෙරට සත්ව සුබ සාධනය සදහා පවතින්නේ 1907 දී සම්මත වූ සත්ව හිංසනය වැළැක්වීමේ පනත බවත් නව ජාත්‍යන්තර නීති අනුව සත්ව සුබසාධනය සදහා නව පනතක් සකස් විය යුතු බවත් ඔවුන් සඳහන් කළා.

සත්ව සුබසාධනය සදහා නව නීති සකස් විය යුතු වුව ද කෘෂිකාර්මික හා සංස්කෘතික කටයුතු සදහා සතුන් යොදා ගැනීමේදී ඊට බලපෑමක් නොවන ලෙස මෙම නීති සකස් විය යුතු බවයි මෙහිදී ඇතැම් මන්ත්‍රීවරු පෙන්වා දුන්නේ.

එබැවින්, මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සාකච්ඡා කර අවසන් කෙටුම්පත සකස් කළ යුතු බව ද එම පිරිස ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව, ‍මීට අදාළ ලිඛිත ඉල්ලීම් ද සහිතව නැවත සති දෙකක කාලයකින් අමාත්‍යාංශ මට්ටමින් රැස්වී සාකච්ඡා කිරීමටත් මෙහිදී තීරණය වී තිබෙනවා.

Latest

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල සහිත මළ සිරුරක් අද පෙරවරුවේ සොයා ගැනුණා. කරඹගම් ප්‍රදේශයේ පදිංචි සිවසෝති සිවකුමාර් (43) නමැති දෙදරු පියෙකි. පසුගිය...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු කටයුතු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here