10.2 C
London
Friday, March 31, 2023

ගොයම් ගසකින් අල්ලා ගත් මධුවන්තිගේ ඝාතකයා

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණියගේ ඝාතකයා සොයාගැනීමට හැකි වුණේ ගොයම් පැළයක් මඟින් බව අස්ගිරිය පොලිසිය පවසනවා.

අදාළ කාන්තාව ඝාතනය කර ඇයගේ සිරුර කුඹුරක මඩ වගුරක දමා ඒ මත සිට වූ ගොයම් පැළ දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට ලබාදීමෙන් පසුව පොලිස් නිල සුනඛයා ගමන්ගත් මාර්ගයේ ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට මෙලෙස හැකිව තිබෙනවා.

ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා කිලෝ මීටර් තුනක් පමණ දුරකින් පිහිටි ඝාතකයාගේ නිවසට ගොස් නතර වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. ඒ අනුව එම නිවසේ සිටි ඝාතකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙලෙස හැකිව ඇත්තේ.

මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ කුඹුරක තිබී ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් පසුගිය 11 වනදා සොයා ගැනීමට හැකි වුණා. එලෙස හමුවුණේ 26 හැවිරිදි දනූකා මධුවන්ති නම් විවාහක තරුණියක්.

මියගිය තරුණිය නිවසේ නොමැති බවට සැමියා විසින් ඇයගේ මවට සිදුකළ දැනුම්දීමක් අනුව කළ සොයාබැලීමක දී සිරුර අදාළ කුඹුරේ තිබී සොයා ගැනුණා. පසුව ඒ සම්බන්ධයෙන් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවල දී ඝාතනය සිදුකළ හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට හැකිව මෙලෙස ඇත්තේ.

Latest

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක...

යාපනයෙන් ගෙලේ කැපුම් තුවාල සහිත මළ සිරුරක්

කොඩිකාමම් පොලිස් වසමට අයත් මිරුසුවිල් කරඹගම් ප්‍රදේශයේදී කැපුම් තුවාල...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ ගැටීමෙන් එම නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව සිටින්නේ...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන් ඉදිරි සතිය තුළ බිත්තර හිඟය තවත් අර්බුදයකට පත්වන බව සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති...

දක්ෂිණ අධිවේගයේ අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 0.1 කොට්ටාව ප්‍රදේශයේදී ලොරි රථයක පිටුපස වෑන් රථයක් ගැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ රියදුරු සහ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here