10.6 C
London
Wednesday, March 22, 2023

පළාත් පාලන මැතිවරණය කල් යනවා – ශාන්ත බණ්ඩාර

පළාත් පාලන මැතිවරණය කල් යනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පැවසීය.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු පැවසුවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා තවමත් ප්‍රමුඛතාව ලැබී නොමැති බවයි.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා අවම වශයෙන් රුපියල් මිලියන 300ක් අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව තවම මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රහස්‍යභාවය ආරක්ෂා කරමින් සෑම මොහොතකම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා සූදානමින් සිටිනවා, නමුත් මුද්‍රණ දෙපාර්තමේන්තුව සේවකයන්ගේ පඩි නඩි ගෙවාගෙන අමාරුවෙන් පත්වාගෙන යන අයතනයක්,මේ වන විටත් මිලියන 150ක වැඩ කරලා තිබෙනවා, නමුත් අපිට හම්බවෙලා තියෙන්නේ මිලියන හතළිහක් පමණයි, අපි කියනවා අඩුම අපිට මිලියන 300ක් වත් ලැබෙන්න ඕන කියලා, අපි මුද්‍රණය කටයුතු කරන්න බැහැ කියලා නැහැ, භාණ්ඩාගාරයෙන් මිලියන 300 වත් දෙන්න පුළුවන් නම් අපි අනිවාර්යයෙන් මුද්‍රණ කටයුතු සිදු කරනවා” යනුවෙන් ඔහු පැවසීය.

ඊයේ පැවති වර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

තැපැල් සේවාව ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය සේවාවක් බවට ගැසට් කරලා තිබුණා, එවැනි වාතාවරණයක් උඩ තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වුවා, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් පළමු පෙළ සහ දෙවන පෙළ තැපැල් කන්තෝරු 654 අතුරින්, ඊයේ දිනයේදී විවෘත කර තිබුණේ තැපැල් කන්තෝරු 6 පමණයි, උප තැපැල් කාර්යාල 3409න් විවෘතව කර තිබුණේ 167 පමණයි. තැපැල් දෙපාර්තමේන්තුව සම්පූර්ණ වශයෙන් මහා භාණ්ඩාගාරය මත යැපෙන ආයතනයක්. එම ආයතනය පාඩු මත පවත්වාගෙන යන්නේ, නමුත් ඊයේ උද්ඝෝෂණය තුළින් තැපැල් දෙපාර්තමේන්තුවට අලාභයක් සිදුවුණා, මෙවැනි කටයුතු දිගින් දිගටම සිදුවෙනවා නම්, රජය මගින් සිදුකරන ප්‍රතිසංස්කරණ වලට යන්න අපටත් සිදු වේවි.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි නායකත්වය බාර ගැනීම සඳහා ඇඳුම් මැසූ විපක්ෂයේ නායකයන්ගේ නම් හෙළි නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන ඇත්තටම ආඩම්බර වීමක් නොව ලැජ්ජාවට පත් විය යුතු බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ඩිලාන් පෙරේරා මහතා පත් කර තිබෙනවා. ඒ එම කාරක සභාවේ සභාව අද (21) රැස්වූ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here