11.1 C
London
Thursday, March 23, 2023

සත්කාරක ඉන්දියාවට ලැජ්ජා සහගත පරාජයක්

ඉන්දියාව සමඟ විශාකාපට්නම් හිදී පැවති දෙවන එක්දින තරගය කඩුලු දහයකින් දැවැන්ත ජයක් ලැබීමට සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අද (19) හැකියාව ලැබුණා.

මෙම තරගයේ කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 26ක් තුළ ලකුණු 117කට සීමා කරන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා.

එහිදී ඉන්දීය පිළ වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ විරාට් කෝලි ලකුණු 31ක් රැස්කළ අතර අක්ෂාර් පටෙල් නොදැවී ලකුණු 29ක් රැස් කළා.

අනෙක් කිසිඳු ඉන්දීය පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකරන්න මෙචෙල් ස්ටාර්ක් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේ දී මෙචෙල් ස්ටාර්ක් ඉන්දීය ඉනිමේ කඩුලු 05ක් ලකුණු 53ක් තුළ දවාගත් අතර, වේග පන්දු යවන ක්‍රීඩක ෂෝන් ඇබට් ඉන්දීය ඉනිමේ කඩුලු 03ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 118ක ජයග්‍රාහී පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට අද දින පිටියට පිවිසියේ ට්‍රැවිස් හෙඩ් සමඟින් මිචෙල් මාෂ්.

ඔවුන් දෙදෙනා එක්ව සිය කණ්ඩායම ඉතා පහසු ලෙස ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර, එහිදී මිචෙල් මාෂ් නොදැවී ලකුණු 66ක් සහ ට්‍රැවිස් හෙඩ් ලකුණු 51ක් බැඟින් රැස්කළා.

ඒ, අනුව පන්දුවාර 11 තුළ ලකුණු 121ක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම තරගයේ ජය තමන් සතුකර ගත්තා.

ඕස්ට්‍රේලියාවේ මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග එකට එකක් ලෙස සම තත්ත්වයේ පසුවනවා.

දෙරට අතර පෙරේදා (17) පැවති පළමු තරගය මෙවැනිම ආකාරයෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම අසරණ කරමින් ඉන්දීය පිළ කඩුලු 05කින් ජය ගත්තා.

Latest

විදේශ හා අධිකරණ ඇමතිවරු දකුණු අප්‍රිකාවේ සංචාරයක

විදේශ අමාත්‍ය අලි සබ්රි සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ...

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක්

ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණයක් විසින්...

ඩොලරය ඉහළට

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු...

බන්දුලට ඉල්ලා අස් වෙන්නැයි රතු එළියක්

බස්‍ රථ අමතර කොටස් සහ ඒවායේ සේවා ගාස්තු අඩු...

Don't miss

රනිල්ව ජනපති කළේ බැසිල් – ඉන්දික අනුරුද්ධ

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ පොදුජන පෙරමුණු...

රනිල්ව විශ්වාස කරලා තමයි IMF එකෙන් ණය ලබාදුන්නේ – හිරුණිකා

රනිල් වික්‍රමසිංහ තනි පුද්ගලයකු ලෙස විශ්වාස කර ජාත්‍යන්තර මුල්‍ය...

ඩී.එස්. සේනානායක දර්ශනය ක්‍රියාත්මක කළ සිංගප්පූරුව සංවර්ධිත රටක් බවට පත් වුණා – ජනපති

දිවංගත අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී. එස් සේනානායක මැතිතුමාගේ දර්ශනය අපි...

IMF කොන්දේසිවල විරුද්ධ විය යුතු කොන්දේසි තියෙනවා කියලා මම හිතන්නෑ – සිරිසේන

මුල්‍ය අරමුදලේ මූලික කොන්දේසි දහයේ විරුද්ධ විය යුතු කොන්දේසියක්...

මහින්දානන්ද අලුත්ගමගේට සභාපති ධුරයක්

ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...

මෙරට යොවුන් ක්‍රීඩක විජයකාන්ත්ට IPL ඇරයුමක්

මෑතකදී මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට හඳුනාගත් යොවුන් දඟ පන්දු යවන්නෙකු වන වියස්කාන්ත් විජයකාන්ත් හට 2023 IPL තරගාවලියට ඇරයුමක් ලැබී තිබෙනවා. මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන...

ඩිලා සමඟ තරාගේ පිති හරඹයෙන් ලෙජන්ඩ්ස් ශූරතාව ආසියාවට

2023 ලෙජන්ඩ්ස් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට ඒෂියා ලයන්ස් කණ්ඩායමට ඊයේ (20) රාත්‍රියේ හැකියාව ලැබුණා. ඒ, දෝහා හි වෙස්ටන් පාර්ක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී...

දිමුත් කරුණාරත්න නායකත්වය අත්හරී

එළඹෙන ශ්‍රී ලංකා අයර්ලන්ත ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව තමා ටෙස්ට් නායකත්වයෙන් ඉවත්වන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පැවසීය. හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here