Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

නෙදර්ලන්තය පැරදූ එංගලන්තයට ලකුණු 160ක ජයක්

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන ජයග්‍රහණය ලබා ගැනීමට පසුගිය වර ලෝක ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා. ඒ නෙදර්ලන්ත කණ්ඩායම ලකුණු 160කින් පරාජයට...
Homehot newsවන අලියෙක් තවත් මිනිස් ජීවිතයක් බිලි ගනී

වන අලියෙක් තවත් මිනිස් ජීවිතයක් බිලි ගනී

අරලගංවිල යාය 03 ගම්මානයේදී වන අලි පහරදීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි දෙදරු පියෙක්.

කිසියම් අවශ්‍යතාවක් සඳහා ඔහු අද අලුයම නිවස පිටුපසට ගොස් ඇති අතර එම අවස්ථාවේ එහි සිටි වන අලියෙකු මෙම පුද්ගලයාට පහරදී ඇති බව හෙළිවී තිබෙනවා.

අනතුරුව සිරුර නිවෙස වටා රැගෙන ගොස් නිවෙසේ ඉදිරිපස දොර අසල දමා වන අලියා පළාගොස් ඇති බවයි නිවෙස් හිමියන් ප්‍රකාශ කළේ.

ඒ ආසන්න ප්‍රදේශයේ රැඳී සිටි වන අලියා පළවා හැරීමට වෙහෙරගල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව සඳහන්.