11.7 C
London
Friday, June 9, 2023

මහින්ද හා බැසිල්ට එරෙහි නඩුවකට දින නියම වෙයි

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ජුලි මස 05 වනදා විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සම අද (08) අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආර්ථික අර්බුදය ඇති වීමට අදාළ වන කාලසීමාවේ ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ඇති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් යන අය වෙත ඉදිරිපත් කළ ලේඛන මේ දක්වා අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන්නා.

එම ලේඛන නඩු විභාගය සඳහා ඉතා වැදගත් වන බවත් ජනාධිපති නීතීඥ ජයසුන්දර සඳහන් කළා. මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සඳහන් කළේ අධිකරණය විසින් නියෝග කර ලේඛන සියල්ල දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

තවදුරටත් අවශ්‍ය කරන ලේඛන කුමක් දැයි දැනුම් දෙන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට කටයුතු කළ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. මෙහිදී අදාළ පෙත්සම්වලින් වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන අය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණයට දන්වා සිටියේ එවැනි ලේඛන කැඳවීමක් සිදුකරන්නේ නම් ඒවා පරිශීලනය කිරීමට තම සේවාදායකයන්ට ද අවස්ථාව ලබාදීම අවශ්‍ය බවයි.

මෙහිදී පංච පුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වය නියම කළේ අවශ්‍ය කරන ලේඛන කුමක්දැයි මහ බැංකු අධිපතිවරයා දැනුවත් කර ඒවා අධිකරණය වෙත කැඳවීමට කටයුතු කරන ලෙසයි. ඉන් අනතුරුව නඩු විභාගය ජුලි මස 05 වනදා ආරම්භ කරන බවත් අධිකරණය නියෝග කළා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, අලි ෂබ්රි, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

Latest

අගමැති හා මාලදිවයින් විදේශ ඇමති අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ්...

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහළට

සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ.. හෙට...

උඩදියලුම වන අලි ප්‍රහාරයේ පෙම්වතා යළි රිමාන්ඩ්

කොස්ලන්ද, උඩදියලුම ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ...

හරක් කටාගේ පෙත්සමකට දින නියම වෙයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නඳුන් චින්තක වික්‍රමරත්න...

Don't miss

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත්...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්...

අනුර ඇතුළු 26කට එරෙහිව වාරණ නියෝගයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 26 දෙනෙකුට මාර්ග...

වසර 05කදී රැකියා 73,440ක් අහිමි වෙලා

2018 වසරේ සිට වසර 05ක කාලය තුළ සුළු හා...

ඩොලරයේ වාසිය ගොවීන්ටත් ලබාදෙනවා – මහින්ද

රුපියල් 9,000කට පහළ මිලකින් ගොවීන්ට යූරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි. "පොහොර...

ගෝඨාභයට ගෙවල් දෙන්න මම කවුද? – අලි සබ්රි

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවසක් දී නැති බවත් වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි තමා රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් විදේශ කටයුතු...

අර්ජුන් මහේන්ද්‍රන් මහබැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම නීත්‍යානුකූලයි

2015 වසරේදී මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීම නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here