11.3 C
London
Tuesday, May 30, 2023

දෙහිවල ඝාතනයට අත්අඩංගුවට ගත් 14දෙනා රිමාන්ඩ්

පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 14 දෙනා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර තිබෙනවා.

දෙහිවල, රෝහල් පාර ප්‍රදේශයේදී පිරිසක් විසින් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක් පුද්ගලයෙක් ඝාතනය කර අනෙක් පුද්ගලයාට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට මෙම 14දෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි ඩිල්ෂාන් රංග කුමාර නැමති 27 හැවිරිදි පුද්ගලයෙකි.

දෙහිවල ප්‍රදේශයේ වායු වායුසමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයක් වෙත අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු පැනයෑමට උත්සාහ කිරීමේදී පහර දී මෙල්ල කර රඳවා තබා ගත් බව පවසා සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනා පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිස් නිලධාරීහු පැවසූහ.

සැකකරුවන් එම පුද්ගලයන් දෙදෙනාව ලොරි රථයකින් පොලීසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයේ සිටි එම පුද්ගලයන් දෙදෙනා රෝහල්ගත කිරීමට පොලිස් නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී වායු සමීකරණ යන්ත්‍ර අලුත්වැඩියා කරන ස්ථානයට ඇතුළු වී යැයි සැක සිතා එම ස්ථානයට රැගෙන ගොස් පහර දී රඳවා තබාගෙන ඔහු සමග පැමිණි අනෙක් පුද්ගලයාගේ ජංගම දුරකථනයට ඔහු ලවා ඇමතුමක් ලබාදී එම ස්ථානයට ගෙන්වාගෙන ඔහුට ද පහරදී රඳවා තබා ගෙන තිබූ බවට පොලිසිය සිදුකළ විමර්ශනවලදී තවදුරටත් අනාවරණය වී ඇත.

අනතුරුව සැකකරුවන්ට පහර දී අපරාධය සිදු වූ ස්ථානය සෝදා පවිත්‍ර කර ඇතැයි ද පොලීසිය පවසයි.

කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර සිටින අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28ක අයෙකි.

එම අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති අතර ගල්කිස්ස කොට්ඨාස අපරාධ පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබේ.

සැකකරුවන් 14දෙනා අවුරුදු 19ත් 99ත් අතර කින්නියා, නිලාවේලි, අවිස්සාවේල්ල, කළුතර, බණ්ඩාරගම, ගාල්ල, බේරුවල, කන්තලේ, හැටන් සහ රුවන්වැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පැවසීය.

තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Latest

හිටපු ජනපතිවරයෙක්ට වසර 14ක සිර දඬුවම්

එල් සැල්වදෝරයේ හිටපු ජනාධිපති මෞරීසියෝ ෆූනේස්ට වසර 14ක සිර...

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මොහු ගැන දන්නවා නම් පොලීසිය අමතන්න

පසුගිය මැයි 20 වැනිදා බොරැල්ල පොලිස් වසමේ ලෙස්ලි රණගල...

Don't miss

සිසුසැරිය සම්පූර්ණ වියදම රජයට දරන්න අමාරුයි – බන්දුල

සිසුසැරිය පාසල් බස් සේවාව සඳහා යම් අයකිරීමක් සිදුකිරීමට සිදුවන...

“ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් ඕනේ නැහැ”

ජනතාවට සේවය කිරීමට ඇමැතිකම් අවශ්‍ය නැති බවත් තම අමාත්‍ය...

මං ඉල්ලා අස්වෙන්නේ නැහැ – අලි සබ්රි

තමන් කිසිසේත්ම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව...

තොණ්ඩමන්ගේ ගුණ සමරමින් විශේෂ සමරු මුද්දරයක්

හිටපු අමාත්‍යවරයෙකු මෙන්ම ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායක සහ...

ජූනි 8 කොළඹදී දැවැන්ත විරෝධතාවක් පවත්වනවා

යළි මැතිවරණයක් සඳහා වන ප්‍රචාරක කටයුතු ලබන මාසයේ ආරම්භ...

විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි මනමාලියට ඇසිඩ් ප්‍රහාරයක්

අද (27) දිනයේ තම විවාහ මංගල්‍යට සූදානම් වෙමින් සිටි තරුණියක් ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව බරපතළ තත්ත්වයෙන් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. වැලිගම පොලිස් වසමේ මදුරාගොඩ...

බුදුදහමට අපහාස වන ප්‍රකාශ සිදුකළ නතාෂාට එරෙහිව CIDයට පැමිණිල්ලක්

බෞද්ධ දර්ශනයට හා බෞද්ධ සංස්කෘතියට අගෞරව වන ලෙස දේශන පැවැත්වූ නතාෂා එදිරිසූරිය නමැති කාන්තාවට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා. අල්ලසයට, දූෂණයට, නාස්තියට එරෙහි...

අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට

බුත්තල ගෝනගංආර වගුරුවෙල ප්‍රදේශයේ කුඹුරු ඉඩමකදී අකුණු සැර වැදීමෙන් තරුණයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. අද පස්වරුවේ කුඹුරේ වගා කටයුතුවල නිරත වෙමින් සිටියදී ඔවුන්ට අකුණු...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here