Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
Homeworldසෞදියෙන් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව

සෞදියෙන් අභ්‍යවකාශයට ගිය පළමු කාන්තාව

පෞද්ගලික ගගනගාමී පිරිසක් පමණක් රැගත් ලොව දෙවැනි අභ්‍යවකාශ යානාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් ආරම්භ කර තිබේ.

මෙම ෆැල්කන් නයින් අභ්‍යවකාශ යානාව ඊයේ (21) අමෙරිකාවේ කැනවරල් තුඩුවේ පිහිටි කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කළේය.

ඇක්සියම් ටූ මෙහෙයුම යටතේ මුදල් ගෙවූ මගීන් අතරට අලි අලඛර්නි සහ රෙයානා බර්නවී නම් සෞදි අරාබි ජාතිකයින් දෙදෙනා අයත් වන අතර ඒ අතරින් බර්නවී අභ්‍යවකාශයට ගිය පළමු සෞදි ජාතික කාන්තාව වීම සුවිශේෂී කරුණකි.