18 C
London
Friday, June 2, 2023

ඩෙංගු පැතිරීම වැළැක්වීමට කඩිනම් පියවර ගන්න – අගමැති

සියලු බලධාරීන් මැදිහත් කර ගනිමින් ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඩෙංගු මර්ධන වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීමට අරලියගහ මන්දිරයේ අද (25) පැවැති සාකච්ඡාවකදී යි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදුන්නේ.

ආණ්ඩුකාරවරුන්, පළාත් සභා ලේකම්වරුන්, පළාත් පාලන කොමසාරිස්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී කරවා ගනිමින් පැවැති මෙම සාකච්ඡාවේදී සිය බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු රැස්කරමින් රෝගය පාලනය කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා.

ඔහු සඳහන් කළේ තවදුරටත් රෝගය පැතිරී යාම වැළැක්වීමට ප්‍රමුඛතාවය දිය යුතු බැවින් මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා රෝග පාලනයට ක්‍රියාත්මක වැඩසටහන් නොනවත්වා පවත්වා ගෙන යාම අවශ්‍ය බවයි.

ඩෙංගු රෝගය පාලනයට ඒ ඒ පළාත්වල මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු අදහස් දැක්වූවා. ඉදිකිරීම් භූමි, පාසල් හා ආගමික ස්ථාන ආශ්‍රීතව ඩෙංගු මදුරුවන් බෝවීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින බැවින් එවැනි ස්ථාන කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙන බවත් ඒ සඳහා සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලින් සුවිශේෂී දායකත්වයක් හිමිවන බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

Latest

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු 3ක් විවෘත කෙරේ

කුකුළේගඟ ජලාශයේ වාන් දොරටු හතරෙන් තුනක් අද (02) පස්වරුව...

කොස්ගොඩ සුජීගේ ගෝලයෙක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන 'කොස්ගොඩ සුජී'...

එක්ස්ප්‍රස් පර්ල් නඩුවේ සහයට ජනපති නීතිඥවරුන් දෙදෙනෙක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ලබා ගැනීම...

හිටපු පොලිස් නිලධාරියෙකුට වසර 04ක සිර දඬුවම්

අන්සතු වාහනයක් නීති විරෝධී ලෙස කොටස් කර සන්තකයේ තබා...

Don't miss

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක්...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල...

ආර්ථිකය යළි ප්‍රකෘතිමත් වෙමින් පවතිනවා – මහින්ද රාජපක්ෂ

ආර්ථිකය යළි ප්‍රකෘති තත්ත්වයට පත්වෙමින් පවතින බව හිටපු ජනාධිපති...

ඡන්දයක් අත ළඟ බව ජනපතිගෙන් ඉඟියක්

ළගදීම ඡන්දයක් පැවැත්වෙනු ඇති බවට ජනාධිපතිවරයා ඉගි පළ කළ...

ඇමතිකම් ඉල්ලගෙන පස්සෙන් යන්නේ නැහැ – මහින්දානන්ද

තමා කිසි දිනක අමාත්‍ය ධුර ඉල්ලා නොමැති බවත් තමාගේ සේවය රටට අවශ්‍ය බව පැවසුවහොත් එය නොපැකිලිව ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය. හෙතෙම මේ...

බදු ගොනුවක් අරඹන්න කිව්වේ බදු අය කරන්න නෙවෙයි – සියඹලාපිටිය

වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා හට බදු ලිපි ගොනුවක් විවෘත කිරීම තුළින් ඔවුන්ගෙන් බදු මුදලක් අය කරන බවට අදහස් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

පොහොට්ටු ප්‍රභලයින්ට ඇමතිකම් දෙනවා නම් හොඳයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කර ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රථමයන් වූ මන්ත්‍රීවරුන්ට කැබිනට් ඇමති ධූර ලබා දීමට හැකි නම් එය හොඳ කටයුත්තක් බව ශ්‍රී...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here