22 C
London
Tuesday, September 26, 2023

ගොඩවෙල්ලා පණු රෝගය ගැන දැනුම්දීමක්

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගොඩවෙල්ලා නැමැති Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් පැළ ගොයමට හානි කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

ආනමඩුව හා දිඹුලාගල ප්‍රදේශවල මෙම රෝගය වාර්තා වන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. මේ සම්බන්ධව අවදානය යොමු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර වහාම එම රෝග පාලනය සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරියට උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව අද දින (30) ආනමඩුව හා දිඹුලාගලට විශේෂ නිලධාරින් දෙදෙනෙක් සහිත කණ්ඩායමක් යවා මේ සම්බන්ධව පරීක්ෂා කිරීමට බතලගොඩ වී පර්යේෂණාතයතනය විසින් කටයුතු යොදා ඇති බවයි වාර්තා වන්නේ.

ගොඩවෙල්ලා නැමැති මෙම දළඹු විශේෂය පාලනය නොකළහොත් විශාල විනාශයක් වී වගාවට සිදුකරනු ලබනවා. මේ හේතුවෙන් දිවයින පුරා නිලධාරින් 150කට අධික ප්‍රමාණයක් මෙම දළඹු විශේෂය පාලනය සඳහා පුහුණු කර ඇති අතර ඔවුන් විසින් කෘෂිකර්ම ව්‍යාප්ති සේවා පවත්වාගෙන යනු ලබන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

කෙසේ වුවද ආනමඩුව, කොට්ටුකච්චිය හා දිඹුලාගල ප්‍රදේශවල ඇතැම් කුඹුරුවල බහුල වශයෙන් මෙම දළඹුවන් බෝ වී සිටීම හේතුවෙන් තනුක කාමිනාශක කිහිපයක් ඒ සඳහා නිර්දේශ කර තිබෙනවා.

එම කෘමිනාශක පිළිබඳ තොරතුරු හා වෙනත් රෝග පාලන ක්‍රම තොරතුරු ප්‍රදේශය බාර කෘෂිකර්ම නිලධාරියා වෙතින් ලබා ගැනීමට හැකි බවයි දැනුම් දෙන්නේ. ඊට අමතරව මෙම දළඹු විශේෂය පාලනය සඳහා විශේෂ ක්‍රම කිහිපයක් ද ඇත අතර තම කුඹුරු වගාවන් හි මෙම දළඹු විශේෂය සිටින්නේ නම් වහාම කෘෂිකර්ම නිලධාරි කාර්යාලයට ගොස් අදාළ නිලධාරින් හමු වී රෝග පාලනය සඳහා උපදෙස් ලබාගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Spodoptera කාණ්ඩයට අයත් දළඹු විශේෂ තුනක් විසින් මෙම හානිය සිදු කරනු ලබන අතර Spodoptera mauritia, Spodoptera litiura, spodoptera exigua යන දළඹු විශේෂ තුන විසින් මෙම හානිය සිදු කරනවා. ඔවුන් බාහිර ස්වරූපය අනුව සේනා දළඹුවාට Fall Armywarm සමානකමක් ගනු ලබනවා.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here