කැලණිවැලි දුම්‍රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ දුම්රිය හරස් මාර්ගය හරහා මාර්ගය තාවකාලිකව වාහන ගමනාගමනය සඳහා වසා තැබෙන බවයි.
ඒ අනුව අදාළ දුම්රිය මාර්ගය ලබන 21 වැනිදා පෙරවරු 08.00 සිට 22 වනදා පෙරවරු 05.00 දක්වා වසා තැබේ.