19.3 C
London
Monday, October 2, 2023

රැකියා පනතට සංශෝධන ඉදිරිපත් කිරීමට වෘත්තීය සමිතිවලට තවදුරටත් අවස්ථාව

දැනට පවතින යල් පැන ගිය කම්කරු නීති සංශෝධනය කරමින් ඉදිරිපත් කිරීමට නියමිත රැකියා පනත සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාවන්ට සංශෝධන ඉදිරිපත් නොකළ වෘත්තීය සමිතිවලට සංශෝධන ඉදිරිපත් කිරීමට ලබන මාසයේ මුල් සතිය වන තෙක් කාලය ලබාදෙන බවත්, එම සංශෝධන කඩිනමින් ලබාදෙන ලෙසත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජාතික කම්කරු උපදේශක සභාවට ඊයේ(29) දැනුම් දුන්නේය.

රැකියා පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමේ අරමුණින් අදාල සංශෝධන ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීමට කටයුතු නොකරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

තවත් සති දෙකකින් පමණ රැකියා පනත සම්බන්ධයෙන් වන සංකල්ප පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගන්නා බවත්, මේ වන විටත් බොහෝ වෘත්තීය සමිති හා ආයතන තමන්ගේ අදහස් මේ සම්බන්ධයෙන් ඉදිරිපත්කර අවසන් බවත් අමාත්‍යවරයා සදහන් කළේය.

මේ හා සමගාමීව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව සමග එක්ව යෝජනා කෙටුම්පත් කිරීමේ කටයුතු ආරම්භ කරන බව සදහන් කළෙ අමාත්‍යවරයා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් පනත් කෙටුම්පත සකස් කිරීමෙන් පසුව එයද ජනතා අදහස් සදහා ප්‍රසිද්ධ කරන බව පැවසුවේය. වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කරනු ලබන සංශෝධනත් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.

නව රැකියා පනතට වතු කම්කරුවන් සම්බන්ධයෙන් වූ පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට ද නියමිත අතර ඒ සදහා වන යෝජනාවන් ඉදිරිපත් කිරීම සදහා ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වතු කම්කරු වෘත්තීය සමිතිවලින් සමන්විත අනු කමිටුවක්ද පත් කරනු ලැබීය. වතු කම්කරුවන්ට බලපාන සුවිශේෂී තත්වයන් සැලකිල්ලට ගනිමින් අදාල යෝජනා ඉදිරිපත් කිරිමේ අවස්ථාව එම කමිටුවට අමාත්‍යවරයා විසින් පවරනු ලැබුවේය.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here