19.3 C
London
Monday, October 2, 2023

ලුම්බිණියේ සිට කොළඹ දක්වා ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළිබඳ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ නේපාලයේ ත්‍රිවිධ හමුදාවන් සහ තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් බුදුන් උපන් ලුම්බිණියේ සිට කොළඹ දක්වා පැවැත්වීමට නියමිත ප්‍රදර්ශනාත්මක යතුරුපැදි සවාරිය පිළීබඳ මූලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) අරලියගහ මන්දිරයේදී පැවැත්විණී.

නේපාලයේ ලුම්බිණියේ සිට ඉන්දීය දේශසීමාවට ඇතුල් වී බුද්ධගයාව, නාලන්දාව, කුසිනාරා, ශාවස්ත්‍රී, සාරානාත් සංකස්ස යන ප්‍රදේශ හරහා පැමිණෙන යතුරුපැදි සවාරිය දකුණු ඉන්දියාවට පැමිණ රාමේෂ්වරම් හරහා කංකසන්තුරයෙන් මෙරටට ඇතුල්වීමට නියමිතය. ජනවාරි මස 15 වන දින මෙරට දී ආරම්භ කෙරෙන යතුරුපැදි සවාරිය කංකසන්තුරයේ සිට අනුරාධපුර, දඹුල්ල, මාතලේ, මහියංගනය, බදුල්ල, ඇල්ල, කතරගම, මාතර යන ප්‍රදේශවල බෞද්ධ සිද්ධස්ථාන සහ සංචාරක ආකර්ශනීය ස්ථාන ආවරණය කරමින් කොළඹට පැමිණීමට නියමිතව තිබේ. ඊට සමගාමීව කොළඹ දී රටවල් තුනේ කළාකරුවන්ගේ සහභාගීත්වයෙන් සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමටද නියමිතව තිබේ.

ශ්‍රී ලංකාව, නේපාලය, ඉන්දියාව යන රටවල් තුන අතර ආගමික හා සංස්කෘතික සම්බන්ධතා අගය කළ අග්‍රාමාත්‍යවරයා යතුරුපැදි සවාරිය සඳහා රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවට සහතික විය. ලුම්බිණියේ සිට ශ්‍රී ලංකාව දක්වා යෝජිත දිගු යතරු පැදි සවාරිය අපගේ රටවල් අතර සබඳතාව සහ සමීප සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවස්ථාවක් උදාකරනු ඇති අතර මෙම යතරු පැදි සවාරියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සමාන අවස්ථා ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍යවරුන් වන රෝහණ දිසානායක, ශෙහාන් සේමසිංහ, ශාන්ත බණ්ඩාර, ඩයනා ගමගේ, ජානක වක්කුඹුර පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙහිදී අදහස් දැක් වූ අතර ඒ ඒ අමාත්‍යාංශ වලින් යතුරුපැදි සවාරියට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවට සහතික විය.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here