19.3 C
London
Monday, October 2, 2023

ශ්‍රී ලංකාව සඳහා වන ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම එළි දැක්වේ

ශ්‍රී ලංකාව සදහා වන ජාතික හයිඩ්‍රජන් මාර්ග සිතියම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ දී පසුගිය දා එළි දැක්විණි.

මෙරට ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සහ ඉන්දියානු ග්‍රීන්ස්ටන්ට් හයිඩ්‍රජන් ආයතනය එක්ව පිළියෙල කළ මෙම සැලසුම සඳහා ජාත්‍යන්තර සබඳතා සඳහා වන අමෙරිකානු ඒජන්සියේ (USAID) සහයෝගය ලබාදී තිබේ.

බලශක්ති සුරක්ෂිතභාවය සහ බලශක්ති ස්වාධීනත්වය, බලශක්තිය බෙදීයාමේ සමානාත්වය සහ අවම මිලකට බලශක්තිය මිලදී ගැනීමට අවස්ථාව උදා කිරීම මෙන්ම ඉන්ධන භාවිතයෙන් සිදුවන පාරිසරික බලපෑම් අවම කිරීම යන කරුණු සාක්ෂාත් කිරීම සදහා හරිත හයිඩ්‍රජන් වැඩසටහනේ අවශ්‍යතාව රජය අවබෝධ කරගෙන ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

සූර්ය සහ සුළං ප්‍රභව මගින් පුනර්ජනනීය බලශක්ති උත්පාදනය කර හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය කිරීමේ හැකියාව ශ්‍රී ලංකාවට පවතින අතර එමගින් කාබන් උදාසීනත්ව ඉලක්ක, පුනර්ජනනීය බලශක්ති ඉලක්ක, පාරිසරික ඉලක්ක සහ දේශගුණ විපර්යාස අවම කිරීමේ ඉලක්ක වෙනුවෙන් දායකත්වය ලබා දිය හැක.

පසුගිය සතියේදී එලිදැක්වූ අක්වෙලරල සුලං බලශක්ති මාර්ග සිතියම සමඟ ද ඒකාබද්ධ වෙමින් හරිත හයිඩ්‍රජන් පරිවර්තනයක් වෙනුවෙන් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරනු ඇති බව විදුලිබල හා බල ශක්ති අමාත්‍යවරයා සඳහන් කරයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here