18 C
London
Tuesday, October 3, 2023

සිවුරු පෙන්වා කරන අලුත්ම සෙල්ලම

වයස අවුරුදු 18 – 20ත් අතර තරුණයන්ට පුහුණුවක් ලබා දී සිවුරු පොරවා දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා ගැනීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවට රාජ්‍ය බුද්ධි අංශ තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි වාර්තා වනවා.

මෙරට සති අන්ත පුවත්පතක් වාර්තා කර ඇත්තේ මෙලෙස පැවිදි දිවියට ඇතුලත් කරවන තරුණ පිරිස් උද්ඝෝෂණ, විරෝධතා, පෙළපාළි වැනි සටන්වල පෙරමුණු පළිහක් ලෙස යොදා ගන්නා බවට බුද්ධි අංශ මගින් හෙළි කර ඇති බවයි.

මේ වන විට 500කට ආසන්න පිරිසක් එලෙස පුහුණු කර භික්ෂුන් වහන්සේලා ලෙස යොදා ගෙන තිබෙන බවට බුද්ධි අංශ විසින් රහස් වාර්තාවකින් රජයට තොරතුරු ලබා දී තිබෙන බව සඳහන්.

බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති ආකාරයට මෙම ක්‍රියාවලිය පිටුපස දේශපාලන පක්ෂයක් සිටින බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මේ හරහා අදාළ දේශපාලන ක්‍රියාකාරීන් තම දේශපාලන මත ව්‍යාප්ත කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.

සති අන්ත පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් අදාළ අංශවල අවධානය ඒ සඳහා යොමු කළ යුතු බවට බුද්ධි අංශ විසින් රජය දැනුවත් කර ඇති බවයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය වසා දැමීමට තීරණය කොට තිබෙනවා. පවතින අධික වැසි තත්ත්වයත් සමග කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලයේ...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලීසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර කළ බව කියන එම විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව පංති ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here