19.3 C
London
Tuesday, October 3, 2023

පුටින් හා කිම් ජොන් උන් අතර හමුවක්

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් මේ මාසයේ රුසියාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා.

මෙම හමුවේ දී යුක්‍රේන යුද්ධයට සහාය වීම සඳහා උතුරු කොරියාව, මොස්කව් වෙත ආයුධ සැපයීමේ හැකියාව පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡා කිරීමට නියමිත බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

රාජ්‍ය නායකයින් දෙදෙනාගේ මෙම හමුව රුසියාවේ කිනම් ස්ථානයක සිදුවනවා ද යන්න පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

කෙසේ වෙතත් නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව, කිම් ජොන් උන් සහ පුටින් අතර හමුව රුසියාවේ නැගෙනහිර වෙරළ තීරයේ ව්ලැඩිවොස්ටොක් නගරයේ දී සිදුවිය හැකි බව ද පවසනවා.

මෙම සුවිශේෂී හමුව සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් බොහෝ දුරට සන්නද්ධ දුම්රියකින් රුසියාව බලා ගමන් කිරීමට ඉඩකඩ ඇති බවයි එක්සත් ජනපදය පවසන්නේ.

කිම් ජොන් උන් සහ ව්ලැඩිමීර් පුටින් අතර අවසන් වරට හමුවක් සිදුවූයේ 2019 වර්ෂයේ දීයි.

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම වළසා එම යුවලගේ සුනඛයාද මරා දමා...

ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද ඇරඹේ

ඉන්දුනීසියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනපතිගේ - එක් තීරයක් එක් මාවතක් - සැලැස්ම යටතේ...

රජ පවුලේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ රුසියානු හැකර්වරුන් පිරිසක් මෙම සයිබර් ප්‍රහාරය එල්ල කර ඇති අතර...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here