19.3 C
London
Monday, October 2, 2023

වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව දැඩි පියවර ගන්නවා

“ත්‍රස්තවාදී ලෙස වර්ජන මෙහෙයවූ රියදුරන් 84 දෙනා දුම්රිය අනතුරෙන් දිවි අහිමි වූ තරුණ ජීවිතය වෙනුවෙන් වගඋත්තරකරුවන් විය යුතුයි. “

අද (09/12) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකදී දුම්රිය අනතුරක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස දිවි අහිමි වූ ඉංජිනේරු සිසුවාගේ මරණය පිළිබඳව අදහස් දක්වමින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළේය.

එහි දී තවදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

“මේ සිදුව තිබෙන අවාසනාවන්ත මරණය තුළින් අපට බල කර කියා සිටින්නේ වෘත්තීය සමිති ත්‍රස්තවාදයට විනයානුකූල, ක්‍රමවත්, ජාතික වැඩපිළිවෙලක්‌ සකස් කිරීමේ අවශ්‍යතාවය. අප එය ඉටු කරනවා.

දුම්රිය ලෝකෝමොටිව් ඕපරේටින් ඉංජිනියර්ස් සංගමය ඉදිරිපත් කල ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ විශේෂ රැස්වීමක්‌ පවා සංවිධානය කර තිබියදී, දුම්රිය බලවේග ධාවනාගාරයේ සහ විදුලි බලවේග ධාවනාගාරයේ සේවයේ නියුතු රියදුරන් 84 දෙනෙකු විසින් ත්‍රස්තවාදී ලෙස වර්ජනයක් මෙහෙයවමින් තරුණ දරුවෙකු මරණයට පත්කිරීම පිළිබඳව ඒ සියලු පාර්ශ්වයන් වගඋත්තරකරුවන් බවට පත්වනවා. ඒ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍යවේදීන්ද මැදිහත් විය යුතුයි.

මේ පිළිබඳව මේ වනවිට විශාල ජාතික අවධානයක් යොමුවී තිබෙනවා. පවතින ගැටලු විසඳීම සඳහා අවශ්‍ය කටයුතු කරමින්, අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගනිමින්, විසඳීමට නොහැකි වූ ගැටලු පිළිබඳව සාකච්ඡා මාර්ගයෙන්, සම්මුතියෙන් අදාල බලධාරීන් වෙත යොමුකළ බවත්, එසේද නොවිසඳුනු ගැටළු පිළිබඳව අවසන් තීරණයක්‌ සඳහා දින නියම කර තිබූ බව සියලු පාර්ශ්වයන් වෙත දැනුම් දී තිබෙනවා. එම නිසා මේ පිළිබඳව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු උසස් නිලධාරීන් උත්තර කරුවන් වන්නේ නැහැ. එම නිලධාරීන් නිරන්තරයෙන්ම මේ පිළිබඳව සාකච්ඡා පවත්වා තිබෙනවා.

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා දැනුවත් කර අද දිනයේ ම කටයුතු කර මහජනතාව පීඩනයට පත් වීම නතර කළ යුතුයි. කුමන දෙපාර්තමේන්තුව හෝ මෙලෙස ත්‍රස්තවාදයක් රට තුල ක්‍රියාත්මක වීමට ඉඩදිය නොහැකියි.

අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ දී විශේෂ සාකච්ඡාවක් ලබා දී ඇති බැවින් මෙම වෘත්තීය සමිතියට මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන ලෙස අමාත්‍යවරයා ලෙස මා දැනුම් දී තිබෙනවා. දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරීවරුන් ඇතුළු නිලධාරීන් ද ඒ පිළිබඳව දැනුම් දී තිබෙනවා.”

Latest

අයහපත් කාලගුණය නිසා පාසලක් වැසේ

නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා කනිෂ්ඨ විද්‍යාලය...

මුදල් ආරවුල පුද්ගලයෙකුට දිවි අහිමි කරයි

තියුණු ආයුධයකින් පහරදී අද (02) සවස පුද්ගලයකු ඝාතනය කර...

පහ වසර සිසුවියකට අමුතු පාඩමක් කියාදෙන්න හැදූ ගුරුවරයෙකු අත්අඩංගුවට

ඉංගිරිය ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක පහ වසර සිසුවියකට ලිංගික අතවර...

වලසෙකුගේ පහරදීමකින් අඹු සැමි යුවලක් ජීවිතක්ෂයට

කැනඩාවේ ඇල්බර්ටා - බැන්ෆ් ජාතික වනෝද්‍යානයේදී වළසෙකුගේ පහරදීමකින් අඹු...

Don't miss

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම...

නාමල් ගැන මහින්ද කියයි

අද (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ...

බදු ගෙවීම ජනතාවගේ යුතුකමක්

බදු ගෙවීම ජනතාව සතු යුතුකමක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

තනි පුද්ගලයකුට මේ රට ගොඩගන්න බෑ – අනුර කුමාර

තමාට මොළ හතක් නොමැති බවත් තනි පුද්ගලයකුට කිසිසේත්ම මේ රට ගොඩනැගිය නොහැකි බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය. හෙතෙම මේ බව සඳහන්...

මාලදිවයිනේ නව ජනපතිට ශ්‍රී ලංකා ජනපතිගෙන් සුබ පැතුම්

මාලදිවයිනේ නව ජනාධිපති ලෙස තේරි පත් වු මොහොමඩ් මුයිසු මහතා වෙත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උණුසුම් සුබපැතුම් පිරිනැමීය. මොහොමඩ් මුයිසු මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා...

ජනපති රනිල් යළි දිවයිනට

ජර්මනියේ බර්ලින් නුවර පැවැත්වුණු "බර්ලින් ගෝලීය සංවාදය"ට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (01) යළි දිවයිනට පැමිණ තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here