12.5 C
London
Saturday, September 30, 2023

IMF ප්‍රගති සමාලෝචන සාකච්ඡාව ඇරඹේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් එකඟතාවට අනුව යෝජිත නව ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට අදාළ මේ දක්වා වූ ප්‍රගතිය සමාලෝචනය කිරීමේ පළමු සාකච්ඡාව අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

අද සිට සති 2ක කාලයක් මෙම සාකච්ඡා පැවැත්වෙන අතර සමාලෝචනයේ අවසන් සාකච්ඡාව එළැඹෙන 26 වනදා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි පැවැත්වෙන්නේ.

අද පැවති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහභාගී වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘවර් (Peter Breuer), නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානි කට්‍යා ස්වරිසෙන්කා (Katya Svirydzenka), මයික් ලී (Mike Li), සොෆියා ෂෑන්ග් (Sophia Zhang), ඩිමිත්‍රි රෝස්කෝව් (Dmitriy Rozhkov), නෝඩා සෙලීම් (Noda Selim), සන්දේශ් දුන්ගානා (Sandesh Dhungana), නුයි මියාඕ (Nui Miao), ජෝයි ටර්කෙවිට්ස් (Joei Turkewitz), නුඔන්ග් ලැන් වූ (Nuong Lan Vu) යන මහත්වරුන් මෙම සාකච්ඡාවට සහභාගි වූ අතර මාර්ක් ඇඩම්ස් (Mark Adams) මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඊට එක් වී තිබෙනවා.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here