22.6 C
London
Tuesday, September 26, 2023

කාටත් නොකියා රට රස්සාවට ගිය නර්ස්ට මාස 03ක් මෙහෙන් පඩි ගෙවලා

පෙර දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා නොකර විදේශ ගත වූ හෙදියකට මාස තුනකට අධික කාලයක සිට රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය මඟින් මෙම පරීක්ෂණය පවත්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි හෙදියක් මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව පසුගිය මාර්තු මාසයේ සිට සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අදාළ හෙදිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට මාරුවීම් ලබා පැමිණ තිබූ බව සඳහන්.

එම හෙදිය සේවය අතහැර විදෙස් ගත වූ පසුවත් මාස තුනක පමණ කාලයක් ඇයට, ඇයගේ මාසික වැටුප බැංකු ගිණුමට ගිණුම්ගත කර ඇති බවට සිදුකළ විගණන පරීක්ෂණයක දී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගලගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛණ භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වනවිටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.

Latest

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය...

නවය ශ්‍රේණියේ සිසුවා පාසලේ කසිප්පු විකුණලා

කලවාන ප්‍රදේශයේ පාසලක සිසුවෙක් පාසල තුළ කසිප්පු අළෙවි කරමින්...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු එයින් ඇද වැටි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ බුලත්සිංහල, ගලහේන ප්‍රදේශයේ පදිංචි අවුරුදු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි තිබූ ජාතික හැඳුනුම්පත උපයෝගී කරගෙන පුද්ගලික බැංකුවකින් ණය මුදලක් වංචනික ලෙස ලබා ගත් තවත් හෙදියක්...

බිරිඳගේ දිවි තොර කළ සැමියාට වසර 8කට පසු අධිකරණය දුන් තීන්දුව

වසර අටකට පෙර බිරිඳට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කළ සැමියකු වරදකරු ලෙස ප්‍රකාශයට පත් කළ පුර්වගාමී මහාධිකරණ විනිසුරු නයෝමි තමරා වික්‍රමසේකර මහත්මිය විසින්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here