22.6 C
London
Tuesday, September 26, 2023

ලාංකිකයන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා

දකුණු කොරියාව විසින් මේ වන්නවිට ශ්‍රී ලංකාවට ලබා දී ඇති රැකියා ප්‍රමාණය වැඩි කිරීමට අපේක්ෂා කරන බවත් ඒ තුළින් ඉදිරියේ දී ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට දකුණු කොරියාවේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උදාවනු ඇති බවත් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් (Yoon Suk Yeol) පැවසීය.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (18) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළට සහාය ලබා දෙන බව දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථික අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෙන යන වැඩපිළිවෙළ අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා සිදු කරන කැපවීමද පැසසුමට ලක් කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ කැපවීම ද මෙහිදී අගය කළ දකුණු කොරියානු ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීමට අදාළ ගිවිසුමකට කඩිනමින් දෙරට අතර අත්සන් තැබීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

Latest

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

හෙදියක් තවත් හෙදියකගේ පසුම්බිය සොරා ගෙන

පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බිය සොරා ගෙන එහි...

Don't miss

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here