22 C
London
Tuesday, September 26, 2023

හදිසි ඖෂධ මිලදී ගැනීම අත්හිටුවීමේ නියෝගයක් ඉල්ලයි

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ඉල්ලීම ඇතුළත් ලිපියක් වෛද්‍ය චමල් සංජීව විසින් අද (19) පෙරවරුවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත භාර දෙනු ලැබුවා.

අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති එම ලිපිය මඟින් එම සංවිධානය කියා සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෑතක සිට හදිසි මිලදීගැනීම් බව සඳහන් කරමින් විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බවයි.

මෙම හදිසි මිලදී ගැනීම්වල දී ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු මතු වී තිබෙන බවත් ඒවා මිලදී ගැනීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමක් සිදුනොවන බවත් එම සංවිධානය චෝදනා කර සිටියා.

මේ හේතුවෙන් මහජන මුදල් විශාල වශයෙන් අවභාවිතාව ලක් කෙරෙන බවත් ප්‍රමිතියෙන් තොර ඖෂධ පරිහරණය කිරීම තුළින් රෝගීන්ගේ මරණ මෙන්ම සංකූලතාවයන් වාර්තා වී ඇති බවත් එම සංවිධානය පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 28 වන වගන්තිය යටතේ මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බවත් ඒ අනුව මෙම ඉල්ලීම පදනම් කරගෙන නඩු කටයුත්තක් ආරම්භ කොට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීම් කටයුතු අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් එම සංවිධානය විසින් අගවිනිසුරුවරයා වෙත භාරදුන් ලිඛිත ඉල්ලීමේ අයැද තිබෙනවා.

Latest

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

අස්වැසුමේ ප්‍රගතිය පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡාවක්

අස්වැසුම, සුභසාධක ප්‍රතිලාභ දීමනා වැඩසටහනෙහි ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාවක් ලෝක...

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක්

කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා පුහුණු මධ්‍යස්ථානයේ පිපිරීමක් සිදු වී...

පාපුවරුවෙන් ඇද වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ලංගම බස් රථයක ඉදිරි පාපුවරුවේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු...

Don't miss

රාජ්‍ය බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතුයි 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන...

වරාය නගරය “කොළඹ මූල්‍ය කලාපය” බවට පරිවර්තනය කිරීම සඳහා නව නීතියක්

ශ්‍රී ලංකාව තුළ කාර්යක්ෂමව ආරවුල් විසඳීම සඳහා දැනට පවතින...

ආණ්ඩුව කවදාවත් ඉටු නොකරන පොරොන්දුවක් උදය කියයි

ආණ්ඩුවේ ගනුදෙනු හෙළි කරන වෙබ් අඩවියක් ආරම්භ කරන බවට...

මෙවර සුරංගනා කතාවක් නොවන අයවැයක් – වජිර

නියමිත කාලයට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බව එක්සත්...

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ...

සියලුම ස්පා නියාමනයට නව නීති මාලාවක්

දිවයින පුරා පවතින සියලුම සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් පවතී. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින්...

පවුම් 20ක රන් භාණ්ඩ සොරාගත් සිව්දෙනෙක් අත්අඩංගුවට

මන්නාරමේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළ තිබූ පවුම් 20ක් පමණ වටිනා ස්වර්ණාභරණ සොරාගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත්...

මහජන දිනය මගහරින ඇමතිවරුන්ට රතු එළියක්

සිය අමාත්‍යංශවල මහජන දින නොපවත්වන කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් පිළිබඳව ජනාධිපති රනිල් විරමසිංහගේ අවධානය යොමුව තිබේ. ඒ ගැන තමන්ට වහාම වාර්තාවක් ලබා දෙන්නැයි...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here