26.6 C
Colombo
Sunday, December 3, 2023

ජනපතිගේ ඇමෙරිකානු සංචාරය රටට ප්‍රතිලාභ රැසක් ගෙන දෙන සාර්ථක සංචාරයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කළද, එම සංචාරය නිසා රටට හිතකර ප්‍රතිලාභ රැසක් හිමි වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඇමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ දී අවස්ථාව ලැබුණු බව ද රුවන් විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (25) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජේවර්ධන මහතා මෙසේද පැවසීය,

ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ තේමාව වූයේ ‘දේශගුණික විපර්යාස සහ තිරසර සංවර්ධන ඉලක්ක’ යන්නයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා සහභාගි වීමෙන් අනතුරුව සැසිවාරයට එක්ව සිටී රාජ්‍ය නායකයන් රැසක් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වූවා. සාර්ථකව පැවති එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට ඉදිරියේ දී ප්‍රතිලාභ රැසක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙහිදී ලෝක බැංකු සභාපති අජය බංගා මහතා සමඟ පැවති හමුවේ දී වත්මන් රජය ගෙන යන ආර්ථික ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඇගයීමට ලක් කෙරුණා. එසේම දේශගුණික විපර්යාස අවම කර ගැනිමේ වැඩසටහන්වල මෙන්ම රජයේ සංවර්ධන වැඩසටහන්වලටත් ඉදිරියේදී ආධාර ලබාදෙන බව ලෝක බැංකු සභාපතිවරයා ප්‍රකාශ කළා. මේ වසර අවසන් වීමට පෙර එතුමා ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට අදාළව මේ වන විට දකුණු කොරියාව ලබා දී ඇති රැකියා ඛාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට එකඟ වූ අතර ඒ තුළින් මෙරට තරුණ තරුණියන් විශාල පිරිසකට රැකියා අවස්ථා හිමි වෙනවා. ඒ වගේම මෙරට සංවර්ධන වැඩසටහන්වලටත් ආධාර උපකාර ලබා දෙන බව එතුමා ප්‍රකාශ කළා.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර පැවති සමුද්‍රීය ජාතීන් සඳහා වන 3 වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. දූපත් රාජ්‍යවල අනන්‍යතාව ආරක්ෂා කිරීමට කලාපීය රටවල් එකතු විය යුතු බව ජනාධිපතිවරයා එහිදි අවධාරණය කළා.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය පිටිවහලක් වූ බව කිවයුතුයි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටවල් දේශගුණික විපර්යාසවලට මුහුණදීමේදී මෙන්ම තිරසර සංවර්ධනය ඉලක්ක කරා ගමන් කිරීමේ දී දියුණු රටවල දායකත්වයේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළා.

ලෝක උද්ධමනය, ආහාර, බලශක්ති අනාරක්ෂිතභාවය සම්බන්ධයෙනුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කළා. 2030 වන විට ජාතික විදුලි බල අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට අපේක්ෂා කෙරෙනවා. ඒ වගේම වන ඝනත්වය 32%ක් දක්වා ඉහළ නංවා ගැනීමටත්, හරිතාගාර වායු විමෝචනය 14.5%කින් අඩු කර ගැනීමටත් සැලසුම් කර තිබෙනවා. 2050 වසර වන විට ශුන්‍ය විමෝචනයට ළඟා වීමටත් සැලසුම් කර ඇති බව ජනාධිපතිතුමා රාජ්‍ය නායකයන් හමුවේ පැහැදිලි කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමෙරිකානු සංචාරය සම්බන්ධයෙන් විපක්ෂය විවිධ චෝදනා එල්ල කරනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මෙම සංචාරය රටට ඉතා වැදගත් සංචාරයක් බව කිවයුතුයි. ඒ වගේම එතුමා රාජ්‍ය නායකයන් ඇතුළු සෙසු නියෝජිතයන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා ඉතා ඵලාදායී සාකච්ඡා බවට පත් වුණා.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. මන්ත්‍රීවරයා මේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here