29 C
Colombo
Sunday, December 3, 2023

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී කටයුතු කරන බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.

ඉතිහාසය හදාරණ සිසුන්ට මෙන්ම ආචාර්ය, මහාචාර්යවරුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, මෙරට ඉතිහාසය පිළිබඳ අධ්‍යයනය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ බව සඳහන් කළේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද භූමි ප්‍රදේශ, පූජා භූමි ලෙස නම් කරමින් එම පූජාභූමිවලට අදාළ සන්නස් පත්‍ර පිළිගැන්වීමේ අවස්ථාවට අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමිනි.

මෙහිදී පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික මෙන්ම පූජනීය වටිනාකමකින් යුත් විහාරස්ථාන 05ක් හා දේවාලයක් සඳහා පූජාභූමි සන්නස් පත්‍ර පිළිගැන්වීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතින් සිදු විය.

නිදහසේ අනෙකුත් ආගම් ඇදහීමට ඇති අයිතියට ගරු කළ යුතු අතර රට තුළ ආගමික ගැටුම් ඇති කිරීමට ඇතැමුන් දරන උත්සාහයන්ට හසු නොවී කටයුතු කිරීම වෙනුවෙන් ජනතාව දැනුවත් කරන ලෙස ද ජනාධිපති ලේකම්වරයා මෙහිදී ගෞරවනීය මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියේය.

වෙල්ගම රජමහා විහාරය පූජාභූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සීලවංශ තිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත ද, පාතදුම්බර මිටියාවතේ මීගම්මන ග්‍රාමයේ පිහිටි, මීගම්මන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය මානින්ගමුවේ විමල කීර්ති ශ්‍රී සුමනජෝති පියරතන නායක ස්වාමීන් වහන්සේ වෙත ද පිරිනැමිණ.

තවද කොළොම්තොට ගංගොඩවිල ග්‍රාමයේ පිහිටි, ගංගොඩවිල ශ්‍රී විජයාරාම රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී පූජ්‍ය අමුණුමුල්ලේ ජිනරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වූ අතර පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජමහා විහාරස්ථානයේ විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.

එසේම මින්නේරිය මහසෙන් රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එම රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මාතලේ උඩුගම සද්ධානන්ද ස්වාමීන් වහන්සේ වෙත ද, රුවන්වැල්ල, මැදගොඩ ග්‍රාමයේ පිහිටි මැදගොඩ ශ්‍රී සිද්ධ සත් පත්තිනි දේවාලය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය එහි භාරකරු වන කේ.ඩබ්.එම්. අජිත් ශාන්ත බණ්ඩාර මහතා වෙත ද පිරිනැමීය.

Latest

සචිත්‍ර සේනානායකට අධිකරණයෙන් නියෝගයක්

පොලිසිය විසින් දැනුම් දුන් අවස්ථාවක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව...

තද සුළං ගැන කාලගුණයෙන් රතු එළියක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළුවීම...

සිනෝපෙක් සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි

සිනෝපෙක් සමාගමද තෙල් සංස්ථාවේ මිල ගණන්වලටම ඉන්ධන අලෙවි කිරීමට...

Don't miss

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව...

රොෂාන්ව ඉවත් කිරීම ගැන මහින්ද කට අරියි

රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීම හරි ද වැරදි...

රට තියෙන්නේ අනාගතය ගැන නොහිතන නායකයෙකුගේ අතේ

අද රට තියෙන්නේ අනාගතය ගැන නොබලන, නොහිතන නායකයෙකු අත...

තනි තරුවක් සහිත තරුණ සංවිධානයක් සිය පලමු සමුලුව මහරගම පවත්වයි. අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! කරන බව සපථ කරයි!

YOUTH FOR CHEnge පළමු සමුළුව අද 2 දින මහරගම තරුණ සේවා සභාවේදී පවත්වනු ලැබීය. තරුණ ජවයක් ! අඛණ්ඩ අරගලයක් ! ක්‍රම වෙනසක්! වෙනුවෙන් කටයුතු...

පාර්ලිමේන්තුව රැස්වන සෑම උදෑසනකම නාඩගමක් – දිනේෂ්

විපක්ෂ නායකවරයා ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්න ඇසීමේදී ස්ථාවර නියෝග අවභාවිත කර ඇති බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් කථානායකවරයා තීරණයක් ලබාදිය යුතු බවත් අග්‍රාමාත්‍ය...

රට ගොඩනගන හැමවෙලේම කකුලෙන් අදින පිරිසක් හිටියා

රට පරිවර්තනයකට ගෙන යන්න හදන සෑම විටම ඊට එරෙහිව ක්‍රියා කළ පිරිසක් සිටි බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය. මන්ත්‍රීවරයා මේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here