දේවගැති ජෙරොම් ප්රනාන්දු විදේශගතව සිට මෙරටට පැමිණෙන අවස්ථාවේ ගුවන්තොටුපොළේදී ඔහු අත්අඩංගුවට නොගන්නා ලෙස දන්වමින් අභියාචනාධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර තිබෙනවා.
මෙම නියෝගය අද පෙරවරුවේ දී නිකුත් කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවසුවේ.
දිවයිනට පැමිණීමෙන් අනතුරුව දේවගැතිවරයා පැය 48ක් තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික අංශයේ සිට ප්රකාශයක් ලබාදිය යුතු බවත් අධිකරණ නියෝගයේ වැඩිදුරටත් සඳහන්.